ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීම සම්බන්ධයෙන් තමන් මෙතෙක් කිසිදු නිල නිවේදනයක් සිදුකර නොමැති බව බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් පවසා ඇත.

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් අනතුරුව තම නිල 'විට්ටර්' ගිණුමවෙත වීඩියෝවක් නිකුත් කරමින් ඒ බව පවසා ඇති කොදෙව් සුපිරී පිතිකරුවා "මම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිල නිවේදනයක් සිදු කර නැහැ. ඉදිරියේදී
නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරන තෙක් බටහිර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ මා කටයුතු කරනවා” යනුවෙන් පවසා ඇත.

කෙසේ වෙතත් ඉන්දීය බටහිර ඉන්දීය කොදෙව් තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී පන්දු 46කදී හතරේ පහර 8ක් සහ දැවැන්ත හයේ පහර 5ක් සමඟින් වේගවත් ලකුණු 72ක් රැස්කරගත්තේය. එහිදී කහිල් අහමඩ්ගේ පන්දුවකට ඉන්දීය නායක විරාත් කෝලී අතට උඩපන්දුචක් ලබාදී දැවී යාමෙන් අනතුරුව ක්‍රීඩාගාරය වෙතට පියමන් කළ අවස්ථාවේදී තම ආරක්ෂිත හිස්වැස්ම පිත් රඳවාගෙන හිසට ඉහළින් ඔසවමින් නරඹන්නෙන් වෙත ආචාර දක්වනු ලැබීය.

එහිදී ක්‍රීඩාගාරයේ සිටි සියලු ප්‍රේක්ෂකයන් සහ කොදෙව් කණ්ඩායමේ සාමාජිකයන් තම අසුන්වලින් නැගිට ක්‍රිස් ගේල් යවත ගෞරවය පළ කිරීමට ද පියවර ගෙන තිබිණි.

මේ අතර දෙරට අතර තෙවැනි සහ අවසාන එක්දින ක්‍රිකට් තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 6ක ජයග්‍රහණයක් ඉන්දීය පිලට හිමි වූ අතර, ඒ අනුව තරග 3කින් සමත්විත වූ එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙසින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකි විය. තෙවැනි තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස විරාත් කෝල් සම්මාන දිනා ගත්තේය.