https://www.gossiplankanews.com/2019/04/mahiyangana-accident-update.html
ද උදෑසන රටේම අවධානය දිනාගනිමින් මහියංගණයේදී සිදුවූ බස් වෑන් අනතුර නිසා සමීප ඥාති පවුල් 3 ක 10 දෙනෙකු මියගිය අතර එම රථය අනතුරට පත්වන අවස්ථාවේ පදවමින් සිටියේ 19 හැවිරිදි තරුණයෙකු බවත් ඔහුද ඉන් මියගිය බවත් මේ වනවිට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණයවී තිබේ.
ලැබුණ නිවාඩුවේ ඥාතීන් මුණගැසීම පිණිස පවුල් 3 ක් එක්ව
ජා ඇල ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් නැවත තම නිවෙස් පිහිටි මඩකලපුව දක්වා ගමන් කරමින්  සිටියදී මෙම වෑන් රථය අනතුරට ලක් විය.

වෑන් රථයේ සිටි අය අතර සීයා හා ආච්චි යුවළකද ඔවුනගේ දරු යුවළ තුනක්ද 4 හැවිරිදි නිවුන් මිනිපිරියන් දෙදෙනෙකුද විය. තවත් 10 හැවිරිදි මිනිපිරියක

හා 19 හැවිරිදි මුනුපුරෙකුද මෙහිදී මියගියහ.
අනතුර සිදුවන අවස්ථාවේ රථය පදවමින් සිට ඇත්තේ ප්‍රින්ස් හෙන්ඩ්‍රික් නමැති මේ කියන 19 හැවිරිදි මුණුපුරාය. ඔහු අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු මෑතකදී රියදුරු බලපත් ලබාගත් අත්දැකීම් අඩු රියදුරෙකු වූ බවද පැවසිණි.

දියතලාව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලික බස්රථය පාන්දර 1.00ට පමණ මහියංගණ-බදුල්ල මාර්ගයේ මහියංගණ මහා විද්‍යාලය අසන්නයේ පිහිටි රෑ කඩයේ  නවතා ඇත්තේ රාත්‍රී ගමන් කරන මගීන්ට ගමනාන්තර විවේකයක් ලබාදීම පිණිසය.
අනතුරුව 1.30 ට පමණ බස් රථයට පිරිස් එකතුකරගෙන නැවත ගමන ආරම්භ කරන්නට සැරසෙන අවස්ථාවේම අනපේක්ෂිත ලෙස මෙම අනතුර සිදුව ඇත.

වෑන්රථයක්  එක්වරම බස්රථය පැමිණි මාර්ග පථය වෙත කඩාවැදුණ බවත් ඒසමගම බසයේ ඉදිරිපස ගැටී  අනතුර සිදුවූ බවත් බස් රියදුරු හා මගීන් විස්තර කර තිබේ. පැමිණෙන වෑන් රථය සිහිකල්පනාවෙන් තොරව පදවමින් ආ සෙයක් දිස්වූ බවද රියදුරු දන්වා ඇත. පොලිසිය සැකකරන්නේ වෑන් රියදුරු ලෙස කටයුතු කළ තරුණයාට නින්ද යන්නට ඇති බවයි.

බස් රථයේ හරි මැද කොටසටම කඩාවැදුණ වෑන් රථය එහි කිඳාබැසගිය සෙයක් දිස් විය. වෑන් රථයේ ඉදිරිපස ගමන් කළ සියල්ලන්ගෙම සිරුරු ඇඹරී එම අවස්ථාවේම මරුදුටු අතර පසුපසම ආසනයේ ගමන් කළ දැරියන් දෙදෙනගේ ජීවිත නිරුපද්‍රිතවූ නමුත් බරපතල තුවාල ලැබූහ. දැරියන් දෙදෙන මේ වනවිට බදුල්ල මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

මාර්ග නීතිරීති ප්‍රකාරව මරණීය අනතුරින් පසු බස් රථ රියදුරු අත්අඩංගුවට පත්වූ නමුත් අනතුරේ සම්පූර්ණ දෝෂය වැන් රථය පැදවූ අය සතුවියයුතු බව සිද්ධිය දුටුවන්ගේ අදහසයි.
මියගිය අය මඩකලපුවේ ස්ථාන තුනක පදිංචි ඥාතීන් වන අතර එක් තුවාල ලද දැරියක ජාඇල පදිංචිකාරියකි.

සිද්ධිය සම්බන්ධ පෙර විස්තර
 -----------
මහියංගණදී අනතුරට ලක්වුනේ මඩකලපුවේ පවුල් 3 ක්
පාන්දර මහියංගණ අනතුරින් 10 ක් මරුට