https://www.gossiplankanews.com/2019/04/10-died-mahiyangana-accident.html
ද (17) පාන්දර 1.30ට පමණ මහියංගණ-බදුල්ල මාර්ගයේ මහියංගණ මහා විද්‍යාලය ඉදිරියේදි වෑන්රථයක් හා බස්රථයක් ගැටී සිදුවූ අනතුරකින් වෑන්රථයේ  ගමන් කළ පුද්ගලයන් 10 දෙනෙක් මියගොස් තිබේ.
දියතලාව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලික බස්රථයේ මුහුණට මුහුණ ගැටුන වෑන්රථය
බස්රථය ඇතුලට කාවැදී තිබූ අතර

වෑන්රථයේ ගමන් කළ 12 දෙනාම බරපතල තුවාල ලබන ලදි. පසුව රෝහල් ගත කිරීමේදී 1ද දෙනෙකු මියගිය අතර ඉතිරි දෙදෙනාගේද තත්ත්වය බරපතල බව  මහියංගණය මූලික රෝහලෙන් වාර්තාවේ.
වැඩිහිටි පිරිමි සිව්දෙනෙක් කාන්තාවන් තිදෙනෙක් හා ළමුන් තිදෙනෙක්  මෙසේ මරණයට පත්ව තිබේ. ඔවුන්ගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැත.

මළසිරුරු මහියංගණ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.
වෑන්රථයේ රියදුරා නින්ද ගොස් මාර්ගයේ වැරදි මංතිරුවට ධාවනය වීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය අනුමාන කරයි.

අනතුරින් බරපතළ තත්ත්වයේ පසුවන දෙදෙනා කාන්තාවන් වන අතර මේ වන විට මහියංගණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
අනතුර සම්බන්ධයෙන්, බස් රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන තිබේ.