අද උදෑසන මහියංගණදී සිදුවූ වෑන් බස් අනතුරින් වෑන් රථයේ ගමන් කළ 12 දෙනෙකු අන්තරායට පත්වූ අතර 10 දෙනෙකු මියගොස් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.

මේ වනවිට බදුල්ල රෝහල වෙත මාරු කර දැඩි සත්කාර මැද ප්‍රතිකාර ලබමින් සිටින බරපතල තුවාල ලද දෙදෛනා 13 හා 16 හැවිරිදි දැරියන් දෙදෙනෙකි.
මෙම අනතුරින් මියගිය අය

මඩකලපුව පදිංචි පවුල් 3 ක් බව පොලිසිය දන්වා ඇත.
මඩකලපුවේ පනිවිව් අඩි, ඩබාර් පෙදෙස හා රත්නම් පාර ලිපිනවල ඔවුන් පදිංචිව සිටි ඇත.
නාම ලේඛනය මෙසේය.

01.ජෝෂප් රෙලින්ටන් ජෝප්ස්, (56) ,
02.සිල්වියා ජෝප්ස්,(50) - (ජෝෂප් රෙලින්ටන්ගේ බිරිඳ)
03.ලිස්ටර් ඇලෙක්සැන්ඩර් (32)
04.නිසාලින් ඇලෙක්සැන්ඩර් (27) (ලිස්ටර් ඇලෙක්සැන්ඩර්ගේ බිරිද)
05 හනාලි ඇලෙක්සැන්ඩර්, (04 ) ලිස්ටර් ඇලෙක්සැන්ඩර්ගේ දරුවා)
06 පයිගා ඇලෙක්සැන්ඩර්, (04)(ලිස්ටර් ඇලෙක්සැන්ඩර්ගේ දරුවා)
07 යුටි ප්‍රින්ස් හෙන්ඩුක්,  (48)
08 මරියා පැන්සියා හෙණ්ඩුක්,(42) (යුටි ප්‍රින්ස් හෙන්ඩුන්ගේ බිරිඳ)
09 සෙරෙබි හෙණ්ඩුක්,(10) , (යුටි ප්‍රින්ස් හෙන්ඩුන්ගේ දුව)
10 යුටි ප්‍රින්ස් හෙයිඩ් හෙඩ්‍රික්(19), ( යුටි ප්‍රින්ස් හෙන්ඩින්ගේ පුතා)

තුවාල ලැබු අයගේ නාමලේඛනය
01 සගානි හෙණ්ඩුක්,වයස අවුරුදු 13 , (යුටි ප්‍රින්ස් හෙන්ඩුන්ගේ දුව)
02 රසානි බර්ගසාල්, වයස අවුරුදු 16


සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව
පාන්දර මහියංගණ අනතුරින් 10 ක් මරුට