අලුත් අවුරුදු නැකතට උතුරුවන ලද කිරි මුට්ටිය පෙරළී දෙහැවිරිදි සිඟිති දියණියක් සහ මවක් 14දා රෝහල්
ගත කර ඇති බව පානදුර රෝහල් පොලිසිය කියයි.
මෙසේ රෝහල්ගත කර ඇත්තේ වාද්දුව පොතුපිටියේ පදිංචි 20 හැවිරිදි තරුණ මවක් සහ අවුරුදු දෙකක් වයසැති ඇයගේ සිගිති දියණියයි. මව විසින් සුබ නැකතට කිරි උතුරුවන අතරතුරේ සිඟිති දියණිය මවුකිරි ඉල්ලා හඩා ඇති අතර ඇය කිරි ඉතිරවීම ස්වාමියාට භාරදී දරුවාට මවුකිරි දීම සිදුකර ඇත.

එවිට උතුරා ගිය කිරි මුට්ටිය ස්වාමිපුරුෂයා සාලයෙන් ඉවත් කිරීමට රැගෙන යන අතරතුර ඇය දරුවාට මවුකිරි දෙමින් සිටියදී මෙම සංවේදී අනතුර සිදුව තිබේ. අනතුරින් සිඟිති දියණියගේ පාදවලට දැඩි පිලිස්සීම් තුවාල සිදුව ඇති අතර මවද පිලිස්සීම් තුවාල සහිතව පානදුර රෝහල් දියණියත් සමඟින් ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයකු පැවැසීය.

-සුමිත් රණවක-