https://www.gossiplankanews.com/2018/11/matra-incident-update.html
සුගියදා උපකාරක පන්තියක් අසළදී පිහිඇනුමක් සිදු කර සිසුවෙකු මරා දැමූ සිදුවීම පිළිබඳ සමාජ මාධ්‍ය තුළ විවිධ කතාබස් ඇති විය. ඇතැමුන් කියා තිබුනේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය වැනි අංග ජනප්‍රිය වීම හරහා ඒවායේ වැරදි පූර්වාදර්ශ සමග මෙවැනි සිද්ධිවලට සම්බන්ධයක් තිබිය හැකි බවයි. නමුත් මේ අපරාධය කළ සිසුවා සැබැවින්ම නොහික්මුණ අයෙකු බවත්
ඔහු අපරාධ කරන්නට පටන්ගෙන ඇත්තේ දිගු කලෙක සිට බවත් අනාවරණය වේ.
මාතර විටියල පදිංචි සිතිජ නමැති ප්‍රධාන සැකකාර ශිෂ්‍යයා මාතර විදුහලක උසස් පෙළ ශිෂ්‍යයෙකි. ඔහු සමඟ ගැටුමට හවුල් වූ තවත් දෙදෙනෙක් මේ වන විට ප්‍රදේශය හැර පලාගොස් ඇති අතර ප්‍රධාන සැකකාර ශිෂ්‍යාගේ පියා මාතර අපරාධ විමර්ශන ඒකකය
මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පහරදීමට පැමිණි යතුරුපැදිය ලබා දුන් මාතර හාමුගේ වත්තේ පදිංචි 18 සැකකාර පුද්ගලයකු සහ මාතර නාදුගල පදිංචි සැකකාර පුද්ගලයකු ද මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.
මාතර ප්‍රදේශයේ විදුහලට ඇතුළත් වීමට පෙර මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ඊට කලින්

ඉගෙන ගත් විද්‍යාලයේ විදුහල්පතිවරයාට පහරදීම නිසා පන්ති තහනම්ව සිටි අයකු බවත් අනාවරණය වී තිබේ.
වරක් මෙම ශිෂ්‍යාගේ රැවුල කපාගෙන එන ලෙස අවවාද කළ විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාට මොහු පහරදී තිබෙන බවත් බස් කොන්දොස්තරවරයකුටද වරක් පහරදී ඇතැයිද පොලිසියට කරුණු අනාවරණය වී තිබේ.

මෙම සිද්ධිය පෙම් පළහිලව්ක් මත ඇති විය පෙම්වතිය ලෙස අනාවරණය වූයේ මාතර තිහගොඩ පලොල්පිටියේ පදිංචි මෙවර සා.පෙ. විභාගයට පෙනී සිටීමට නියමිත ශිෂ්‍යාවකි. ඇය මෙම ඝාතක සිසුවාගේ පෙර පෙම්වතිය වූ අතර මොහුව හැර දමා මියගිය සිසුවාගේ සොයුරෙකු සමග ඇය මේ වනවිට සම්බන්ධයක් පවත්වන බව අනාවරණය විය.

මියගිය සිසුවාගේ සොයුරාට පෙර පෙම්වතාගේ වැරදි ඇය පවසා ඇති අතර ඒවා ගැන අහන්නට යාමෙන් මෙම ගැටුම් ඇතිව තිබේ. උපකාරක පන්ති ගැටුමට පෙර මාතර බස් නැවතුම්පළකදීද විශාල පිරිසක් ඉදිරියේ ඔවුන් රන්ඩු කරගෙන තිබුණි.
සිද්ධියට සම්බන්ධ පෙම්වතියගෙන්ද පොලිසිය ප්‍රශ්න කිරීමට නියමිතය.

 පෙර වාර්තා
මාතර රණ්ඩුව අතරේ කෙමිස්ට්‍රි සර්ගේ වාහනය මරණීය තුවාලලත් සිසුවා මගහැරියා

පාසල් සිසුවෙකු පිහියෙන් ඇන තවත් සිසුවෙකු මරාදමයි - රණ්ඩුව සහෝදරයා පෙම්වතියට බැණ වැදුණ නිසාලු