පසුගිය 21 වනදා කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ  ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට පෙළ ගැසෙමු යන
තේමාවෙන් ආරම්භ කළ අඛණ්ඩ
සත්‍යග්‍රහය අද 6 වන දිනටත් ක්‍රියාත්මකයි. පූජ්‍ය දඹර අමිල හිමි ප්‍රමුඛ පිරිසක් මෙම සත්‍යග්‍රයහ පවත්වන අතර ජනපතිගේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් හකුළා ගන්නා ලෙස එහිදී දන්වා තිබේ.
මේ අතර මහින්ද ප්‍රමුඛ රජයට සම්බන්ධ ජාතික සිසුජන ව්‍යාපාරය නමැති සංවිදානයක්ද විහාරමහාදේවි උද්‍යානය අසලදී ඊයේ අඛණ්ඩ සත්‍යග්‍ර‍යක් ආරම්භ කර තිබේ.
දේශපාලන අර්බුදය විසඳීම සඳහා මහමැතිවරණයකට යොමුවන ලෙස  ඔවුන් බල කර තිබේ,
මේ වනවිට මහින්ද පිලේ ප්‍රධානම සටන් පාඨය වන්නේ ජනපතිවරණයක් නොව මහමැතිවරණයක් පවත්වමු යන්නයි.