https://www.gossiplankanews.com/2018/11/rasindu-gimhan-matara-school-boy-murder.html#more
යේ 24 දහවල් මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේ උපකාරක පන්තියක් අසලදී සිදුවූ පිහි ඇණුමකින් 19 හැවිරිදි පාසල් සිසුවෙකු මියගියා. මිතුරන් දෙදෙනෙකු සමග උපකාරක පන්තියට ගමන් කරමින් සිටි මියගිය සිසුවාට පහරදීමට තවත් සිසුන් තිදෙනෙකු කල්වේලා ඇතිව මෝටර් සයිකලයකින් පැමිණ උපකාරක පන්තිය පැවැත්වෙන ස්ථානයට යාබද පටු පාර අසළ මග රැක සිට
මෙම පහරදීම සිදු කර තිබේ.
මගරැක සිටි දෙදෙනකු මියගිය අයගේ යහළුවන් දෙදෙනාට පහරදී වෙනත් පැත්තකට රැගෙන යද්දී ප්‍රධාන සැකකාර සිසුවා මියගිය සිසුවා ඉලක්ක කර

තම අතෙහි තිබූ මධ්‍යම ප්‍රමාණයේ පිහියකින් පහර පිට පහර එල්ල කරන අයුරු සීසීටීවී කැමරාවකද සටහන් වී තිබේ. එම එක් පහරක් ඉතා දරුණු ලෙස මියගිය සිසුවාගේ උදරය කපාගෙන යන අතර මිනිත්තුවක් ඇතුළත ඔහු ලේ ගලමින් ඇදවැටී තිබුණ බව වාර්තා විය.
පසුව අසල්වාසීන් පැමිණ මෙම සිසුවාව ත්‍රීරෝද රියකින් රෝහල් ගත කරන්නට කටයුතු යෙදුවත් ඔහු රෝහලට ගෙනයනවිටත් මියගොස් තිබුණ බව වාර්තා විය.
පහරකෑ තවත් සිසුවකු තවමත් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ තිහගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ 13 වසරේ විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබන රසිඳු ගිම්හාන් නමැති සිසුවෙකි.ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකාර සිතිජ නමැති සිසුවා සහ අනෙක් සිසුන් දෙදෙනා මේවන විට ප‍්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය විමර්ශන ආරම්භකර ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය සිසුවාගේ මව ප්‍රකාශ කර තිබුනේ ඝාතනය සිදු කළ සිතිජ නමැති සිසුවාගෙන්

මියගිය අයගේ සොයුරෙකුට තර්ජන තිබුණ බවත් මේ නිසා එයට මැදිහත්වී මියගිය රසිඳුද ඔහු සමග ආරවුලට ගොස් තිබුණ බවත්ය.
මියගිය රසිඳු 4 දෙනෙකුගෙන් යුතු පවුලක 2 වැනියා විය. ඔහුගේ සොයුරෙකු හා ඝාතන සැකකාර සිතිජ අතර ප්‍රශ්නයක් මතුව ඇත්තේ පෙම්පලහිලව්වක් මුල් කරගෙනයි. සිතිජගේ පෙම්වතියට රසිඳුගේ සොයුරා බැණවැදීමේ සිද්ධියක් නිසා මීට පෙර අවස්ථාවක පහරදීමක් සිදුව ඇති අතර එම අවස්ථාවේ සොයුරා වෙනුවෙන් මැදිහත්වී රසිඳු ඔවුනට පහරදී බේරාගෙන තිබේ. ඉන් පසු එම ආරවුලට ප්‍රතිප්‍රහාරයක් වශයෙන් ඊයේ සිදුවූ පිහි ඇණුම සිදු කර ඇත.මියගිය අයගේ මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.
පළාගිය සැකකරුවන් සියල්ල හඳුනාගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළ අතර ඉදිරියේදී ඔවුන් අත්අඩංගුවට ගන්නට නියමිතය.
සිද්ධිය අවස්ථාවේ සීසීටීවී දර්ශන සහිත වාර්තාව පහතින්