පසුගිය සෙනසුරාදා රටම කම්පනයට පත් කරමින් මාතර ප්‍රදේශයේ ඇලවේල්ල පාරේ උපකාර පන්තියකට
ගිය සිසුවෙකු ඝාතනයට ලක්වූ සිදුවීමට අදාළ උපකාරක පන්ති ගුරුවරයෙකුගේ හැසිරීම සම්බන්දයෙන් කතාබහක් මතුව තිබේ.
පෙම් පළහිලව්වකට සම්බන්ධ ප්‍රශ්නයක් මත වරින්වර ඇතිවූ ආරවුලක අවසන් ප්‍රතිඵලය ලෙස සිසුන් දෙදෙනෙකු අතර සිදුවූ මෙම ගැටුම අතරතුර එම පටු පාරේ සියල්ලන් බලා සිටියදී
පිහිය අමෝරාගත් එක් සිසුවෙකු අනෙක් සිසුවාට පහර එල්ලකිරීමෙන් සුළු මොහොතකින් සිසුවා ඇද වැටෙන අතර ඔහු ලේ ගලමින් බිම වැටී තිබේ.

මේ අවස්ථාවේ ප්‍රදේශවාසීන් එක්වී එම සිසුවා රෝහල් ගත කරන්නට උත්සාහ කරේ ඒ වෙලාවේ එතැන ගමන් කරමින් තිබුණ උපකාරක පන්ති ගුරුවරයාගේ වාහනය නවතා සිසුවාව ඇතුළු කර රෝහල වෙත රැගෙන යාමටය. නමුත් රසායන විදයා පන්තිය සිදුකරන ගුරුවරයා ඊට එකඟවී නැත. ඒ නිසා විකල්පයක් ලෙස එතැනට ත්‍රීරෝද රථයක් ගෙන්වාගෙන සිසුවාව රෝහල් ගත කරන්නට ප්‍රදේශවාසීන්ට සිදුව ඇත.
සිසුවා රෝහල් ගත කරන විටත් උදරයට සිදුවූ තුවාල නිසා මියගොස් තිබුණි.
සිද්ධිය අවස්තාවේ උපකාරක පන්ති ගුරුවරයාගේ හැසිරීම ගැන ප්‍රදේශවාසීන් කලකිරී ඇත.

පෙර වාර්තාව
පාසල් සිසුවෙකු පිහියෙන් ඇන තවත් සිසුවෙකු මරාදමයි - රණ්ඩුව සහෝදරයා පෙම්වතියට බැණ වැදුණ නිසාලු