http://www.gossiplankanews.com/2016/10/kaweesha-ayeshani-suicide.html

පෙම්වතා සමග අමනාපව
‘මම මැරෙනවා‘ කියා ගිය

 කවීෂාගේ අනතුර
සිය දිවි නසාගැනීමක් ?

අද උදෑසන නුගේගොඩ ජුබිලි කණුව හන්දියේ අනතුරකින් මියගිය නවක නිළි කවීෂා අයේෂානිගේ මරණය ඇය විසින් දිවි තොරකරගැනීමේ අටියෙන් හිතාමතා සිදු කරගත් වාහන අනතුරක් බවට මේ වනවිට ගොසිප් ලංකා වෙත තොරතුරු වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට ඇගේ පෙම්වතා සමග ඇතිවූ ආරවුලක් මෙයට මුල්වී තිබේ.
නුගේගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රකට විවේක විනෝද අංගනයක
හිමිකරුවෙකු බව පැවසෙන ඇගේ පෙම්වතා


සමග ඇය ඊයේ රාත‍්‍රියේ ඇති කරගත් ආරවුලෙන් පසුව ඇය ඔහු සමග අමනාපව මෝටර් රථයට නැගී ඇත්තේ

‘මම වාහනේ හප්පගෙන මැරෙනවා‘ යයි ඔහුට පවසා බවටද වාර්තා වන අතර ඇය කියූ ලෙසින්ම එම වාහනය ඊට ටික දුරක් එහාට වේගයෙන් පදවාගෙන ගිය ඇය බස් රථයක් හා ලයිට් කණුවක් අතර තැනකට වාහනය පාරෙන් ඉවතට කපා හප්පාගෙන ඇති බවටද තොරතුරු වාර්තාවේ.

ඇය පදවාගෙන ගිය නිසාන් මාර්ච් වර්ගයේ මෝටර් රථය මෙම අනතුර නිසා පොඩි පට්ටම්වී ගිය අතර බස් රථයේ පසුපසටද හානි සිදුවිය.
මාතලේ ප්‍රදේශයේ සිට ටෙලි නාට්‍ය නිළියක හා නිරූපිකාවක ලෙස වෘත්තියේ යෙදෙන්නට කොළඹට පැමිණි කවීෂා අයේෂානි හේමසිරි කිරිඳිවැල බෝගහවත්තේ පදිංචිව සිටියාය. මියයනවිට 24 හැවිරිදි වියේ පසුවිය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය මාර්ග අංක 168 බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බස් රථය නවතා තිබුණ අවස්ථාවක මෙම මෝටර් රථය එහි හැපුණ බව ඔහු පවසා ඇත.

කවීෂා අයේෂානි අනපේක්ෂිත සමුගැනීම ගොසිප් ලංකා ලිපි

ඇගේ අනතුර අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්