ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා
දෙපාර්තමේන්තුව දන්වා සිටී.එහි අගය මිලිමීටර් 136.3 ක් වන අතර දෙවැනි වැඩිම වර්ෂාපතනය


කළුතර දිස්ති‍්‍රක්කයෙන් මිලිමීටර් 112.2 ලෙස වාර්තාවී ඇත.
කෙසේ නමුත් පෙරේදා යළිත් වැස්ස ආ බවට තොරතුරු වාර්තාවූ වියළි කාළගුණ තත්ත්වයෙන් පීඩා විඳින අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ති‍්‍රක්කවලින් මිලිමීටර් එකකටත් අඩු වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර එය ඉදිරියට වෙනස් වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තු පළ කර ඇත.