අනුරාධපුර රුවන්වැලි මහා සෑය අබියස මාරාන්තික උපවාසයක නිරත වීමෙන් අනතුරුව අත්අඩංගුවට පත්ව, මේ වන විට රෝහල්ගතව සිටින බලංගොඩ කස්සප භික්ෂුව විසින් පොලිස් නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් තර්ජනය කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
අදාළ වීඩියෝ දර්ශනවලට අනුව රෝහල් ඇඳක් මත සිටින කස්සප භික්ෂුව, තමන් අසල පසුවන පොලිස් නිලධාරීන්ට වාචිකව බැන වදිමින් තර්ජනය කරනු දක්නට ලැබේ. එම අවස්ථාවේදී වෛද්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම අදාළ පොලිස් නිලධාරීන් ද එම ස්ථානයේ වටවී රැඳී සිටින අයුරු දර්ශනවල සටහන්ව තිබේ.
මෙම රෝහල්ගතවීමට සහ අත්අඩංගුවට ගැනීමට මුලපිරුවේ ඊයේ අනුරාධපුර පූජා භූමියේදී හටගත් උණුසුම්කාරී තත්ත්වයකි. රුවන්වැලි මහා සෑය අසල මාරාන්තික උපවාසයක නිරත වෙමින් සිටි බලංගොඩ කස්සප භික්ෂුව සහ තවත් පිරිසක් මෙන්ම, පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමියන් සහ තවත් ගිහි පිරිසක් අතර එහිදී බහින්බස්වීමක් හටගෙන තිබුණි. මෙම නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් කස්සප භික්ෂුව ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා තුන් නමක් එලෙස පොලිස් භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
, අනුරාධපුර පූජා භූමියේ පැවති මෙම විරෝධතාව සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය, බලංගොඩ කස්සප භික්ෂුව ඇතුළු හත්දෙනෙකු ලබන නොවැම්බර් 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති අතර ඔහුගේ උන්මත්තක ස්වරූපය පිළිබඳ වාර්තාවක් කැඳවීමටත් මත්ද්‍රව්‍ය ලබාගෙන ඇතිද යන්න පරීක්ෂා කිරීමටත් නියෝග කර තිබේ. මේ අතරවාරයේ උසාවියට අපහාස කිරීම යටතේ තවත් නඩුවක්ද මෙම පුද්ගලයාට යොමුකරන්නට ත්‍රීකුණාමලය නීතීඥවරු පියවර ගෙන ඇති බව වාර්තාවේ.