
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හමුවේ අභියෝගයට ලක්ව තිබූ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ඒ අනුව, සංශෝධන කිහිපයකට යටත්ව එම පනත් කෙටුම්පත සම්මත කළ හැකි බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වැනි වගන්තිය යටතේ මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබූ බව ද, අධිකරණයේ තීරණය සභාව වෙත දැනුම් දෙමින් කථානායකවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත්, පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කර ගැනීමේදී නිශ්චිත සංශෝධන කිහිපයක් ඊට ඇතුළත් කිරීම අනිවාර්ය කෙරේ. වැඩබලන නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන මෙන්ම, අධිකරණය විසින් නියම කරන ලද තවත් සංශෝධන ද පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේදී ඊට ඇතුළත් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරිණි.