diesel-leak-in-bloemendal-area-drains-are-being-drained-to-collect-oil

කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පිහිටි ඉන්ධන ගබඩා පර්යන්තයෙන් අද (21) පෙරවරුවේ ඩීසල් ඉන්ධන කාන්දුවක් වාර්තා විය. ගබඩා සංකීර්ණය තුළින් කාන්දු වූ එම ඩීසල්, පරිශ්‍රයේ අපවහන කාණු පද්ධතිය ඔස්සේ ප්‍රධාන මාර්ගය දෙසට ගලා යාමත් සමඟ අවට ප්‍රදේශයේ අවදානම් සහගත වාතාවරණයක් නිර්මාණය වී තිබේ.




කාණු පද්ධතිය දිගේ ගලා එන ඉන්ධන එකතු කරගැනීම සඳහා අවට පදිංචිකරුවන් බාල්දි, බූලි සහ ප්ලාස්ටික් කෑන් රැගෙන එම ස්ථානයට එක්රොක් වී සිටිනු දැකගත හැකි විය. එහෙත් එම පිරිස් ඉන්ධන එකතු කිරීමේ නිරත වූයේ දැඩි ලෙස විෂ සහිත ඉන්ධන වාෂ්ප ආශ්වාස කරමින් සහ සිදුවිය හැකි ගිනි උවදුර පවා නොතකමිනි.

නාගරික ජනාකීර්ණ කලාපයක පිහිටි කාණු පද්ධතියක් ඔස්සේ මෙලෙස ඉන්ධන ගලා යාම ඉතා භයානක ගිනි උවදුරක් දක්වා වර්ධනය වීමේ දැඩි ප්‍රවණතාවක් පවතින බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි. කාන්දු වූ ඩීසල් එකතු කරගැනීමට කාණු අසලට රැස්වන ජනතාව සහ එමඟින් මතුව ඇති බරපතළ ගිනි අවදානම හමුවේ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ තත්ත්වය දැඩි අනතුරුදායක මට්ටමකට පත්ව ඇත.

diesel-leak-in-bloemendal-area-drains-are-being-drained-to-collect-oil

diesel-leak-in-bloemendal-area-drains-are-being-drained-to-collect-oil