මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2027 වර්ෂය සඳහා වන අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මීට සුළු වේලාවකට පෙර ආරම්භ කළේය.
ජාතික ජන බලවේගය රජය විසින් ඉදිරිපත් කරනු ලබන තෙවන අයවැය මෙය වන අතර, මෙරට ඉතිහාසයේ ඉදිරිපත් කෙරෙන 81 වන අයවැය කථාව ලෙස ද මෙය සටහන් වේ. ජනාධිපතිවරයා විසින් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ 2027 අයවැය යෝජනාවලිය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූයේ අද (12) පෙරවරුවේදීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සිදු කරන මෙම අයවැය කථාව මේ වන විට සජීවීව විකාශය කෙරේ.