satyagraha-group-continues-to-remain-saying-they-cannot-leave-due-to-court-order

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල සත්‍යග්‍රහයක නිරත වී සිටින භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස ඉවත් කිරීම සඳහා අධිකරණය විසින් නිකුත් කළ නියෝගය හමුවේ නව නෛතික ගැටුමක් නිර්මාණය වී තිබේ. ඊයේ රාත්‍රියේ කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් එම අධිකරණ නියෝගය රැගෙන සත්‍යග්‍රහ භූමියට පැමිණ ඉවත් වන ලෙස දැනුම් දුන්නද, විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් නොවී සිය අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත් ඉදිරියට ගෙන යමින් සිටින බව වාර්තා වේ.

මෙම තත්ත්වය හමුවේ අදාළ අධිකරණ නියෝගයට එරෙහිව කරුණු දැක්වීම සඳහා සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා සහ අනෙකුත් පිරිස අද (23) දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීමට නියමිතය. ආරංචිමාර්ග පෙන්වා දෙන පරිදි, අදාළ පිරිස වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥවරුන් සියයකට අධික සංඛ්‍යාවක් අද දිනයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණීමට සූදානම්ව සිටිති.

පූජ්‍ය උලපනේ සුමංගල සහ පූජ්‍ය බලංගොඩ කාශ්‍යප යන හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා මෙන්ම විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් මෙම විරෝධතාව සඳහා අඛණ්ඩව එක්ව සිටිති. මොවුන් ඉලක්ක කරගනිමින් කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා කළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) වගන්තිය යටතේ අදාළ නියෝගය නිකුත් කර තිබුණි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන පරිදි, මෙම අධිකරණ නියෝගය මගින් විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට බුදු පිළිමය අසල පරිශ්‍රය සහ ඇවිදින මංතීරු අවහිර කිරීමෙන් වැළකී සිටින ලෙස දැනුම් දී ඇත. ඊට අමතරව එෆ්. ආර්. සේනානායක මාවත, ලිප්ටන් වටරවුම, සොයිසා වටරවුම, ධර්මපාල මාවත, කන්නන්ගර මාවත, ග්‍රීන්පාත් පාර සහ මල්පාර යන මාර්ග අවහිර නොකරන ලෙසට ද අධිකරණය නියෝග කර තිබේ. එසේම මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට සහ විහාරමහාදේවි උද්‍යානයේ බුදු පිළිමය පිහිටි පරිශ්‍රයේ අඛණ්ඩව රැඳී සිටීමෙන් වැළකිය යුතු බවත්, විරෝධතාව අතරතුර පොදු හෝ පෞද්ගලික දේපළවලට හානි නොකළ යුතු බවත් අදාළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (3) වගන්තිය ප්‍රකාරව මෙම නියෝගය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට පොලීසියට බලය පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය අවධාරණය කරයි. අදාළ අධිකරණ නියෝගය කඩ කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 185 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවට පොලීසිය පෙන්වා දෙන පසුබිමක, විරෝධතාකරුවන් අද දිනයේ අධිකරණය හමුවේ සිදුකරන නීතිමය කරුණු දැක්වීම මෙම සත්‍යග්‍රහයේ මීළඟ පියවර තීරණය කරනු ඇත.
අද (23) උදෑසන එම ස්ථානයේ දර්ශන කිහිපයක් පහතින්