
කොළඹ අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අනාවරණය කරන පරිදි, අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තිනියාවල ආරණ්‍ය සේනාසනයක සැඟවී සිටියදී පොලිස් භාරයට ගන්නා තෙක් සැඟවෙමින් පළාගිය කතාව දැන් අනාවරණයවී තිබේ. පොලිස් කණ්ඩායම එම ස්ථානයට ළඟා වන විට හිමි නම ආරණ්‍ය භූමියේ පිහිටි කුටියක් තුළ අඳිනකඩකින් පමණක් සැරසී සිට ඇත.
තවද, නීතිය මගහැරීමේ අරමුණින් උන්වහන්සේ සිය ජංගම දුරකථනයේ සිම්පත ද වෙනස් කර තිබූ බව විමර්ශනවලදී තහවුරු වී ඇත.මෙම ආරණ්‍ය සේනාසනය වෙත ඥානසාර හිමියන් පැමිණ ඇති බවට ඇතුලේ සිටි කෙනෙක් ඔත්තුවක් ලබාදී ලැබුණු තොරතුරකට අනුව පොලිසිය විසින් මෙම මෙහෙයුම දියත් කර තිබේ. එහිදී සේනාසනයේ වැඩවිසූ වෙනත් හිමිනමකගෙන් පොලිසිය කළ විමසීමකදී, මුසාවාදයක් වදාළ ඒ හිමි නම මුලින් සඳහන් කර ඇත්තේ ඥානසාර හිමියන් පැමිණ වෙනත් වාහනයකට නැඟ පිටව ගිය බවයි. එසේ පවසා පොලිසිය නොමඟ යැවීමට එම හිමිනම උත්සාහ කර ඇත. කෙසේ වෙතත්, එම හිමිනමගෙන් යළිත් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ කට පැටලෙන්නට වීමත් ඊට සැකසහිත ලෙස උත්තර බැඳීමත් නිසා ආරණ්‍ය සේනාසනය පරීක්ෂාවට පොලිසිය පියවර ගත්තේය.
ඒ අනුව සැකකටයුතු තත්ත්වය මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කණ්ඩායම රාත්‍රී කාලයේදී කුඩැල්ලන්ගෙන් දැඩි ලෙස ගහන වූ සේනාසන භූමිය පුරා දැඩි සෝදිසියක් දියත් කර ඇත. ප්‍රධාන කුටිවලින් පහළට වන්නට පිහිටා තිබූ තවත් භාවනා කුටි කිහිපයක් ද මෙහිදී පොලිසියේ පරීක්ෂාවට ලක්වූ අතර, එහි එක් කුටියක රැඳී සිටියදී මෙලෙස ඥානසාර හිමියන්ව සොයාගැනීමට පොලිස් කණ්ඩායමට හැකි වී තිබේ.
"අනේ රාළහාමිල මට භාවනායොගීව මෙහෙ ඉන්න ඉඩ අරින්න.. රාළහාමිලා කොහේද..අපි කරන උදව්වට ඕන දෙයක් කරල දෙන්නම්.. මට අරහෙ ළැගල ඉන්න බැහැනේ.. ඔහෙලට තේරෙනවනේ.."
ඥානසාර හිමියන්ට වරෙන්තු තුනක් නිකුත්ව තිබියදී මේ ආකාරයට පොලිසියේ ඇස්වල වැලිගසා සැගවීමෙන් 'සිරගතවීමට තිබූ බිය' පෙන්නුම් කළ බව වැටළීම් නිලධාරියෙකු ප්‍රකාශ කළේය. අපරාධකරුවෙකු පොලිසියෙන් පළායන ආකාරයට ස්වාමීන් වහන්සේ නමක් පූජා භූමියක් සැඟවී සිටීමට කළ උත්සාහය විශේෂිත එකකි.
මෙම සැඟවී සිටි ස්ථානය දක්වා පැමිණීම සඳහා ඥානසාර හිමියන් මඟ දිගට අවස්ථා කිහිපයකදීම තමන් ගමන් කළ වාහන වෙනස් කර ඇති බවත් ඒ නිසා සීසීටීවී ලුහුබැඳුම් ඒකක නොමග යැවූ බව මේ වන විට හෙළි වී ඇත. කෙසේ වෙතත් ඇතුළෙන්ම ලැබුණ විශ්වාසදායී ඔත්තුව නිසා හිමිනමට වැඩි දිනක් එහි සැඟවී සිටීමට නොහැකි විය.
නීතියෙන් පලායමින් සිටියදී හිතාමතාම රැකවරණය ලබාදීමට කටයුතු කළ සියලුම පුද්ගලයන් සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති අතර, ඊට අදාළව දැනටමත් සේනාසනයේ රැඳී සිටි පුද්ගලයන් හය දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට ද පොලිසිය කටයුතු කර තිබේ.
මීට පෙර අවස්ථාවකදී ද ආගම් විරෝධී ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ සිදුකිරීමේ වරදට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණය මගින් සිරදඬුවම් නියම කරනු ලැබීය.
එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුව විභාග වෙමින් තිබියදී හෝමාගම උසාවියට කඩාවැදී විනිසුරු රංග දිසානායකට 'පො##' රණවිරුවන්ට මෙහෙමත් කරනවාද 'රණවිරුවො මේවට අල්ලන්න උඹලා කවුද?' යනාදී වශයෙන් පරුෂ වචනයෙන් බැණ වදිමින් අධිකරණ කටයුතු වලට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුණ ඥානසාර හිමිට අධිකරණ අපහාස නඩුවක් ඉක්මනින්ම වැටුණ අතර ඒ අනුව වසර 6 ක සිර දඩුවමක්ද හිමි විය.
නමුත්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනපති ධූරය දරමින් සිටියදී පක්ෂ මාරු කිරීමට ලැදියාවක් පැවති කාලයේ රාජපක්ෂ කඳවුරේ ප්‍රබලයෙකු ලෙස ඥානසාර හිමිගේ දඩුවම ලිහිල් කිරීමට දේශපාලන කෝණයෙන් සිතා ජනාධිපති සමාවක් නිකුත් කළ අතර මාස 7 කින් නිදහස් විය. නමුත් අදාළ සමාව නිසි පටිපාටියෙන් බැහැරව සිදුකර තිබූ නිසා නැවත පසුගිය කාලයේ එම දෝෂය නිවැරදි කරන්නට අධිකරණය කටයුතු කළ අතර වසර 5 මාස 5 ක ඉතිරි කොටස සඳහා ඥානසාර හිමි අධිකරණය මගින් නැවත බන්ධනාගාර ගත කරන්නට නියමිතව තිබේ.


