මුදල් අමාත්යාංශයේ දූෂිත නිළධාරින් පිරිසක් විසින් ෆාම් තෙල් ආනයනයට පනවා ඇති සීමා ඉවත් කිරීමේ සැලසුමක් ක්රියාත්මක කරමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්යාපාරය අනාවරණය කරනු ලබනවා. එහි සභාපති රංජිත් විතානගේ මහතා පෙන්වා දෙන්නේ එළෙඹෙන අයවැයෙහි යෝජනාවක් ලෙස ෆාම් තෙල් ආනයනයට ඇති සීමා ඉවත් කිරීමට එම නිළධාරින් කටයුතු කරමින් සිටින බවයි.
එය ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවයට තර්ජනයක් වන බව ඔහු සඳහන් කරනු ලබයි. ඔහු මේ බව සඳහන් කරනු ලැබුවේ 2022 ඔක්තෝබර් මස 22 දින කොළඹදී පැවති මාධ්ය හමුවක් අමතමින්. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්යාපාරයේ සභාපති මෙසේ සඳහන් කළා.“ ෆාම් තෙල් ලංකාවට ආනයනය කිරීම සඳහා 2021 වසරේ සිට යම් සීමාවන් පනවා තිබුණා. ඒ සෞඛ්ය අමාත්යාංශය විසින් පත්කළ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ විද්වත් කමිටුවක් විසින් මෙම රජයත් එම ප්රතිපත්තිය ඒ ආකාරයටම ඉදිරියට රැගෙන ගියා නමුත් මේ වන විට මුදල් අමාතාංශයේ දූෂිත නිළධාරින් පිරිසක් කූඨ ව්යාපාරිකයන් සමඟින් එක්වී ෆාම් තෙල් ආනයනට ඇති සීමාවන් ඉවත් කිරීමට අයවැය යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටිනවා. ෆාම් තෙල් ආනයනය සීමා ඉවත් කිරිමට ජනාධිපතිවරයාට, වෙළඳ හා ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ අමාත්යවරයාට හෝ වැවිලි කර්මාන්ත අමාත්යවරයාට කිසිදු උවමනාවක් නැති බව පේන්න තියෙනව.ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ කමිටුව පවා මේ පිළිබඳ දැනුවත් නෑ. එම නිසා මෙය පැහැදිලිවම රජය නොමඟ යවමින් සිය අභිමතාර්ථයන් ඉටු කරගැනීමට මුදල් අමාත්යාංශයේ නිළධාරින් පිරිසක් විසින් සිදුකරන උත්සහයක්. මේ පිළිබඳව සොයාබලා වහාම ඊට එරෙහිව පියවර ගන්නා ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා”
මෙහිදි තව දුරටත් අදහස් දක්වමින් රංජිත් විතානගේ මහතා පෙන්වා දුන්නේ මුදල් අමාත්යාංශ නිළධාරින්ගේ අවශ්යතාවය ආහාර සුරක්ෂිතතාවය අවධානමට ලක්කර රජය කෙරෙහි වැරදි ප්රතිරූපයක් ජනතාව තුළ ඇති කිරීම බවයි.