පාසල් පොත්පත් සඳහා දැනට පනවා තිබෙන එකතු කළ අගය මත බද්ද (VAT) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය කටයුතු යොදමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නොච්චියාගම ප්‍රදේශයේ පැවැති ජනරැලියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේය.
මෙම සහනය ලබාදීම සඳහා වන සැලසුම් මේ වන විටත් සකස් කර ඇති බවත්, ඒ පිළිබඳ නිල ප්‍රකාශය ඉදිරි අයවැය ලේඛනය මගින් රට හමුවේ තැබීමට නියමිත බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.