පද්ධතියේ සිදුකිරීමට නියමිත යාවත්කාලීන කිරීමක් හේතුවෙන් දිවයිනේ පළාත් අටක විද්‍යුත් ආදායම් බලපත්‍ර (eRL 2.0) නිකුත් කිරීමේ කටයුතු 2026 සැප්තැම්බර් 25 වන සිකුරාදා සිට සැප්තැම්බර් 28 වන සඳුදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.
මෙම තාවකාලික අත්හිටුවීම මධ්‍යම, උතුරු මැද, වයඹ, දකුණ, නැගෙනහිර, උතුර, සබරගමුව සහ ඌව යන පළාත් අටෙහි විද්‍යුත් ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් සඳහා බලපානු ලබයි.
මහජනතාව වෙත ලබාදෙන විද්‍යුත් ආදායම් බලපත්‍ර සේවාවේ කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම පද්ධති යාවත්කාලීන කිරීම සිදුකරන බව බලධාරීහු ප්‍රකාශ කරති.
අදාළ පද්ධති යාවත්කාලීන කිරීමේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව, 2026 සැප්තැම්බර් 29 වන අඟහරුවාදා දින සිට eRL 2.0 පද්ධතියේ මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ වන අතර, එතැන් සිට සාමාන්‍ය පරිදි සේවාවන් පවත්වාගෙන යාමට නියමිතය.
