shiranthi-who-evaded-fcid-also-posted-a-photo-of-herself-shopping-in-singapore-while-wearing-a-mask

'සිරිලිය සවිය' සංවිධානයට අදාළ බැංකු ගිණුමක සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් හුවමාරු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට පසුගිය 24 වැනිදා කැඳවීමක් කර තිබිණි. කෙසේවෙතත්, පසුගිය 16 වැනිදා අලුයම 01.10 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ-469 දරන ගුවන් යානයෙන් ඇය ලංකාවෙන් පිටව ගිය අතර එය 'පළායාමක්' නොවන බවත් හෘද රෝගයකට ප්‍රතිකාර ගන්නට ටික දිනකට පිටව යාමක් බවත් 18 වනදා නැවත පැමිණ 24 වනදා FCID යන බවත් ඇයගේ නීතිඥවරයා මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ ප්‍රකාශ කර සිටියේය.




කෙසේ වෙතත් ඇය 18 වනදා පැමිණියේ නැති අතර 24 වනදා ද පසුවී අදවනතුරු සිංගප්පූරුවේ රැඳී සිටී. ඇය අක්ෂි සැත්කමකට සිංගප්පූරුවේ මුහුණදුන් බවට අලුත් කතාවක් මේ අනුව ප්‍රකාශ කර තිබෙන අතර වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු දින කිහිපයක් යනතුරු ඇසට විවේකය හා ආරක්ෂාව අවශ්‍ය බැවින් තවදුරටත් විදේශයේ සිටින බවත් 24 වනදා අදාළ පොලිස් කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ඇයගේ නීතිඥවරයා දැනුම් දී ඇත. එමෙන්ම, විදේශගතව සිදුකරන ප්‍රතිකාර කටයුතු අවසන් කර නැවත දිවයිනට පැමිණි වහාම එම විමර්ශන සඳහා පෙනී සිටින බවද අදාළ ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ. සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලෙන් වැඩිදුර ප්‍රතිකාර ගන්නා බව දන්වා තිබුණ නමුත් එවැනි කාරණා සහතික කර ඉදිරිපත් කර නැත. 

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය වල පළවූ ඡායාරූප වලින් සිංගප්පූරුවේ ඕචඩ් පාරේ පිහිටි '313@somerset, Orchard Rd, Singapore 238895' යන ස්ථානයේ පිහිටි සුප්‍රකට සාප්පු සංකීර්ණය අසළදී ඇය තවත් කාන්තාවක සමග සාප්පු සවාරි යමින් සිටිනු ඡායාරූප සමාජ මාධ්‍ය වෙත නිකුත් වූයේ 18 වනදාය .

අනතුරුව ඊයේ (25) ඇය මුස්ලිම් කාන්තාවක ලෙස වෙස් වලාගෙන සාප්පු සවාරි යන තවත් දර්ශන සහිත ඡායාරූප සමාජ මාධ්‍ය වෙත නිකුත්ව ඇත. ඒ අනුව සමාජ මාධ්‍ය පරිශීලකයින් ඇය 'බොරුවක්' කර පොලිසියට රැවටීමකට ලක්කර ඇති බවට කථාබහක් ඇතිකරගෙන තිබේ. ඇය සිංගප්පූරුවේ සංචාරක වීසා මත ගමන් කර ඇතිනම් ඇයට දින 30 කට වඩා එහි රැඳී සිටීමට අපහසු වන අතර මින් ඉහත ගෝඨාභය රාජපක්ෂ රටින් පළාගොස් රැඳී සිටියේද සිංගප්පූරුවේ දින 30 කි. (අනතුරුව ගෝඨා තායිලන්තයේ දින 60 ක සංචාරක වීසා මත එතැනින් තායිලන්තයට මාරු විය.)

ඇයට එරෙහිව පරීක්ෂණ සහ චෝදනා රැසක් පවතිද්දී ඇයට විදේශගත වීම වැළැක්වීමේ අධිකරණ නියෝගයක් ලබාගැනීමට වගකිවයුතු අංශ ක්‍රියා නොකිරීම හේතුවෙන් ඇයට පහසුවෙන්ම රටින් පිටවීමට අවස්ථාව සැලසී තිබේ. ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙලෙස විදේශගතව ඇත්තේ තනිවම නොව රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දම්මා සහ ආරක්ෂකයින් සමඟින් වන අතර, මහින්ද රාජපක්ෂ මහතා මෙරට තනි කර තබා ඇය මෙසේ පිටත්ව යාම හුදෙක් වෛද්‍ය ප්‍රතිකාර සඳහාම පමණක් සිදු වූවක්ද යන්න පිළිබඳවද මේ වන විට සැකසංකා මතුකර ඇත.




අතීතයේ සිටම යම් යම් අර්බුද හෝ අපරාධ චෝදනා එල්ල වන අවස්ථාවලදී රාජපක්ෂවරුන් ඉතා සංවිධානාත්මක ලෙස සහ විශේෂඥ උපදෙස් මත කටයුතු කර ඇති ආකාරය අමතක කළ නොහැකි අතර, මේ වනවිට යළි මතුව ඇති තාජුඩීන්ගේ ඝාතන විමර්ශන වලදී සිරිලිය සවිය වාහන ඝාතනයකට යොදාගැනීම නිසා ඇය තවත් නඩු හබවල පැටළීමේ අවිනිශ්චිතභාවයක සිටී.

මේ අතර තහවුරු නොකළ අන්තර්ජාල තොරතුරු කිහිපයකින්ම පවසා ඇත්තේ, ඇය අත්අඩංගුවට පත්වීම වැළැක්වීම සඳහා රාජපක්ෂ පවුලේ බාල පුත්‍රයා ඇතුළු පිරිසක් දැඩි ප්‍රයත්නයක නිරත වන බවයි. ජනාධිපතිට සමීපව කටයුතු කරන පිරිස් සහ ඇතැම් භික්ෂූන් වහන්සේලා මාර්ගයෙන් ජනාධිපතිවරයා වෙත මානුෂීය ඉල්ලීමක් ඉදිරිපත් කරමින් ඇය අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට උත්සාහ කර ඇති නමුත් එම මැදිහත්වීම් අසාර්ථක වී ඇත. අවසාන තුරුම්පුව ලෙස ඇයට ලංකාවට නොපැමිණ වෙනත් රටක රැඳී සිටීමට පහසුකම් සැලසීමට සූදානමක් ඇති බවද පැවසෙයි.



මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලැබ සිංගප්පූරුවේ අනන්‍යතාව වෙනස් කරගනිමින් වෙසෙන අර්ජුන් මහේන්ද්‍රන්ගේ ක්‍රියාකලාපය මෙයට ‍පූර්වාදර්ශයක් සපයා ඇත.

shiranthi-who-evaded-fcid-also-posted-a-photo-of-herself-shopping-in-singapore-while-wearing-a-mask



shiranthi-who-evaded-fcid-also-posted-a-photo-of-herself-shopping-in-singapore-while-wearing-a-mask

gossiplanka collage