mihinthal-thero-collects-100000-signatures-to-obtain-the-presidents-blessing-for-gnanasara-thero

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටීම සඳහා අත්සන් ලක්ෂ පනහක් එක්රැස් කිරීමේ විශේෂ පෙත්සම් ව්‍යාපාරයක් අද (26) මිහින්තලේ පූජා භූමියෙන් ආරම්භ කෙරිණි.




මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට එක්වෙමින් පෙත්සමට මුලින්ම අත්සන් තැබූහ.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව පිරිනැමීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටි මිහින්තලය රජමහා විහාරාධිපති හිමියෝ, එකතු කරගන්නා අත්සන් සියල්ල මහානායක හිමිවරුන් වෙත ප්‍රථමයෙන් භාරදීමටත්, අනතුරුව ජනාධිපතිවරයා හමුවට ඉදිරිපත් කිරීමටත් පියවර ගන්නා බව එහිදී සඳහන් කළහ.




අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හයක සිරදඬුවමක් නියම වී සිටි ඥානසාර හිමියන්ට 2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති සමාව ලබාදී තිබුණි. එහෙත් එම සමාව දීම බලරහිත එකක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සැප්තැම්බර් 10 වැනිදා තීන්දු කළ අතර, ඒ අනුව උන්වහන්සේ සම්බන්ධයෙන් වන ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.