carolyn-jury-acquits-in-the-trial-after-the-death-of-chula-who-saved-pushpikas-crown

2021 වසරේ නෙළුම් පොකුණ රඟහලේ පැවැති විවාහක රූ රැජිණ අවසන් මහා තරගයේදී පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීම සහ ඇයට පහරදීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍ර යන මහත්මීන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.




කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම නියෝගය නිකුත් කරන ලදී. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ විත්තිකාරියන්ට එරෙහිව පැමිණිලි පාර්ශ්වය විසින් එල්ල කරන ලද චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට ඔවුන් අසමත් වී ඇති බවයි.

තවද, මෙම නඩුවේ විත්තිකාරියක ලෙස කටයුතු කළ චූලා පද්මේන්ද්‍ර මහත්මිය මේ වන විට මියගොස් ඇති බවද අධිකරණය හමුවේ දැනුම් දී තිබේ. 
මෙම විනය විරෝධී ක්‍රියාව නිසා කැරොලයින් ජූරිට ඇයට හිමිව තිබු ඊට පෙර වසරේ ලෝක විවාහක කිරුළද අහිමි විය.

2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් තරගයේදී එහි කිරුළ පැළඳි පුෂ්පිකා ද සිල්වාගේ හිස මත රැඳි කිරුළ බලහත්කාරයෙන් ගලවා ඇයගේ හිසට සුළු තුවාල සිදු කිරීම හා සාපරාධී බිය ගැන්වීමක් සිදුකර බලපෑම් කිරීම සම්බන්ධයෙන් කැරොලයින් ජූරිට සහ චූලා පද්මේන්ද්‍රන්ට චෝදනා එල්ලා වී තිබිණි. මෙම සිද්ධියේදී රුපියල් ලක්ෂ හතක් වටිනා රජයේ දේපළවලට අලාභහානි සිදුවී ඇතැයි පොලිසිය මීට ඉහතදී අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබිණි.




එම අලාභය විවාහක රූ රැජින තරගාවලියේ සංවිධායකයන් විසින් මේ වනවිට පියවා ඇති බැවින් පොදු දේපළ පනත යටතේ වන චෝදනාව ඉවත් කර සාපරාධී බියගැන්වීම සම්බන්ධයෙන් කැරොලයින් ජූරිට සහ චූලා පද්මේන්ද්‍රන්ට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය චෝදනා ඉදිරිපත් කර වසර 5 ක් තිස්සේ නඩු විභාගය පවත්වා තිබිණි.

gossiplanka image