fitsair-suspends-colombo-dubai-flights

මැදපෙරදිග ප්‍රදේශයේ හටගෙන ඇති නොසන්සුන්කාරී වාතාවරණය පදනම් කරගනිමින් කොළඹ සහ ඩුබායි අතර ක්‍රියාත්මක සිය ගුවන් ගමන් මෙහෙයුම් තාවකාලිකව නතර කිරීමට FitsAir සමාගම පියවර ගෙන තිබේ. පසුගිය සැප්තැම්බර් 6 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ක්‍රියාත්මක කර ඇති අතර, ප්‍රදේශයේ ආරක්ෂිත තත්ත්වය සහ එය සිය ගුවන් ගමන්වලට එල්ල කරන බලපෑම පිළිබඳව දිගින් දිගටම අධ්‍යයනය කරමින් සිටින බව අදාළ ගුවන් සමාගම ප්‍රකාශ කරයි.




පවතින සැලසුම්වලට අනුව ලබන නොවැම්බර් 19 වැනිදා සිට අදාළ ගුවන් ගමන් වාර නැවත ආරම්භ කිරීම FitsAir හි අපේක්ෂාවයි. කෙසේ වෙතත්, එම දිනය වන විට කලාපය තුළ පවතින තත්ත්වය සහ ඉදිරියේදී සිදුවන වර්ධනයන් මත මෙම තීරණය නැවත වෙනස් වීමට ඉඩකඩ පවතින බව ද එම සමාගම පෙන්වා දෙයි.

මෙම සේවා අත්හිටුවීම නිසා මගී ජනතාවට මුහුණ දීමට සිදු වූ අපහසුතාවයන් සහ සිදුවූ බාධාවන් පිළිබඳව කනගාටුව පළ කරන FitsAir සමාගම, මෙවැනි අවස්ථාවක පාරිභෝගිකයන් දැක්වූ සහයෝගය, ඉවසීම සහ අවබෝධය වෙනුවෙන් සිය කෘතඥතාව පිරිනමනු ලබයි.