the-operation-to-rescue-a-langama-bus-that-was-caught-in-the-flood-in-ambagamu

නාවලපිටිය ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාපතනය හමුවේ අඹගමුඔය පිටාර ගැලීමෙන්, ගිනිගත්හේන - නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ අඹගමුව ප්‍රදේශයේදී සැඩ පහරට හසුවූ ලංගම බස් රථයක් සහ එහි සිටි මගීන් පිරිසක් බේරාගැනීමට ප්‍රදේශයේ තරුණයන් පිරිසක් සමත්වී තිබේ.




පසුගිය 03 වනදා පස්වරුවේ ප්‍රදේශයට ඇදහැලුණු තද වැසි හේතුවෙන් අඹගමුඔය පිටාර ගලා ගිනිගත්හේන සහ නාවලපිටිය යා කෙරෙන ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී පැවැතිණි. එම අවස්ථාවේදී ගිනිගත්හේන සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මගීන් සමග මෙම සැඩ පහරට හසුවී අනතුරට ලක්ව ඇත.

බස් රථය අනතුරට පත්ව ඇති බව දුටු අඹගමුව ප්‍රදේශයේ තරුණයින් පිරිසක්, පවතින දැඩි ජීවිත අවදානමද නොතකා වහා ක්‍රියාත්මක වී තිබේ. ඔවුන් ලොරි රථයක් බස් රථය ආසන්නයටම පදවාගෙන ගොස් එහි සිරවී සිටි මගීන් පිරිස සුරක්ෂිතව මුදාගෙන ඇත.




මගීන් මුදාගැනීමෙන් අනතුරුව, එම තරුණයින් පිරිස කැබ් රථයක ආධාරයෙන් සැඩ පහරට හසුවී තිබූ ලංගම බස් රථයද ඇද ගනිමින් අනතුරෙන් මුදාගැනීමට කටයුතු කර තිබේ.

gossiplanka image