ජනප්‍රිය නිළි ත්‍රිෂා ක්‍රිෂ්ණන් (Trisha Krishnan) සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබඳව ගොනු කර ඇති නඩුවකට අදාළව තමිල්නාඩු විපක්ෂ නායක උදයනිධි ස්ටාලින්, ඔහුගේ චෙන්නායි හි පිහිටි නිවසේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තංජාවූර්හි දී ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (DMK) පක්ෂය සංවිධානය කළ විරෝධතා රැලියක් අතරතුරදී, නිළි ත්‍රිෂා සම්බන්ධයෙන් උදයනිධි ස්ටාලින් කළ ප්‍රකාශයක් මෙලෙස දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.
තංජාවූර්හි පැවැති ගොවි විරෝධතාවක් අතරතුර කාවේරි ජල අර්බුදය පිළිබඳ අදහස් දක්වමින් දෙමළ නළුවෙකු මෙන්ම තමිල්නාඩු හිටපු නියෝජ්‍ය මහ ඇමතිවරයෙකු වන උදයනිධි ස්ටාලින් විසින් කරන ලදැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි විවේචනයක් එල්ල වෙමින් පැවතිණි. තමිල්නාඩු මහ ඇමති සහ ජනප්‍රිය නළු විජේ පිළිබඳව අදහස් දක්වන අතරතුර ඔහු ප්‍රකට රංගන ශිල්පිනී ත්‍රිෂා කෘෂ්ණන් ඉලක්ක කරගනිමින් ද්විත්ව අර්ථයක් සහිත පහත් ප්‍රකාශයක් කළ බවට චෝදනා එල්ල වී තිබේ.
කාවේරි ජල ප්‍රශ්නය පිළිබඳව අදහස් දක්වමින් උදයනිධි ස්ටාලින් සඳහන් කර ඇත්තේ, වත්මන් මහ ඇමතිවරයා කාවේරි ජල අර්බුදය ගැන කිසිදු ප්‍රකාශයක් නොකරන අතර තමන්ගේ ඩී.එම්.කේ. පක්ෂයට එරෙහිව අසත්‍ය චෝදනා ගොනු කිරීමට පමණක් උත්සාහ කරන බවයි. එම අවස්ථාවේදී සභාවේ සිටි පිරිසගෙන් අයෙකු ත්‍රිෂාගේ නම කෑගසා පැවසූ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් සිනාසුණු උදයනිධි කාවේරි නදිය මෙන්ම ත්‍රිෂා පිළිබඳවද වෙනස් අර්ථයක් දනවන යම් ප්‍රකාශයක් සිදු කිරීමට පියවර ගෙන ඇත. එම අවස්ථාවේ රැස්ව සිටි පිරිස ඊට ප්‍රීති ඝෝෂා කළද, අන්තර්ජාල පරිශීලකයන් එම සිදුවීම අතිශයින් විවේචනාත්මකව බලනු ලැබීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරන සමාජ මාධ්‍ය පරිශීලකයන් පෙන්වා දෙන්නේ දහස් සංඛ්‍යාත පිරිසක් ඉදිරියේ කාන්තාවකට අපහාස වන අයුරින් මෙවැනි අසභ්‍ය සහ පහත් ප්‍රකාශ සිදු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. මහජන නායකයෙකුගෙන් මෙවැනි පහත් මට්ටමේ ප්‍රකාශයන් බලාපොරොත්තු නොවන බවත්, මෙයින් දේශපාලන සංස්කෘතියේ සහ අදාළ දේශපාලන කඳවුරේ පිරිහීම පෙන්නුම් කරන බවත් පරිශීලකයෝ පවසති. එමෙන්ම, ප්‍රගතිශීලී අදහස් දරන බව පවසන නායකයෙකු කාන්තාවන් කෙරෙහි මෙවැනි අගෞරවනීය ආකල්පයක් දැක්වීම පිළිබඳවද ප්‍රශ්න මතු කර ඇත.
මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් රංගන ශිල්පිනී ත්‍රිෂා හෝ නළු විජේ මෙතෙක් කිසිදු නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත. කෙසේ වෙතත්, නළු විජේ ඉලක්ක කරගනිමින් ත්‍රිෂාගේ නම මෙලෙස අපහාසාත්මක ලෙස යොදාගත් පළමු අවස්ථාව මෙය නොවන අතර, මීට පෙරද විජේ දේශපාලනයට පැමිණීමට පෙර ත්‍රිෂාගේ නිවසින් පිටතට පැමිණිය යුතු බවට දෙමළ්නාඩු භාරතීය ජනතා පක්ෂ නායක නයිනාර් නාගේන්ද්‍රන් කළ ප්‍රකාශයකටද ඇගේ නීතිඥ කණ්ඩායම නිල වශයෙන් ප්‍රතිචාර දක්වා තිබුණි.


