i-will-not-travel-again-with-those-who-are-not-in-sorrow

දුකක දී කරදරයක දී පෙනී නොසිටින පුද්ගලයන් වෙනුවෙන් තමා නැවත කිසි දිනක පෙනී නොසිටින බව සමගි ජන වේගයේ හොරණ හිටපු සංවිධායක චරිත් අබේසිංහ මහතා පැවැසීය.




එවැනි අය සමග කටයුතු කිරීමෙන් කිසිදු පලක් නැති බව ද ඔහු ප්‍රකාශ කළේය.පක්ෂය සහ සමහර දේශපාලන සංවිධාන කඹා උසාවියේ වැරදිකාරයකු කිරිමටක් පෙර වැරැදිකාරයකු කළ බව කී හෙතෙම එය කනගාටුදායක කාරණයක් බව ද සඳහන් කළේය. තමාට යම් පිරිසක් ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේ දී ඊට වැඩියෙන්ම උදව් කළේ තම කණ්ඩායමේ අය බවත් කමා වෙනුවෙන් අවංකවම පෙනී සිටියේ වරුණලා වැනි සීමිත පිරිසක් පමණක් බවත් අබේසිංහ මහතා පැවැසීය.

මෙවැනි දේවල් කාට කාටත් හොඳ පාඩම් බව ද හෙතෙම සඳහන් කළේය.




කලාව පැත්තෙන් ගියා නම් තමාට ලොකු ගමනක් තිබු බවත් දේශපාලනයට පැමිණි නිසා මෙවැනි පරිප්පුවක් ඇද වැටුණු බවත් ඔහු කීවේය.පක්ෂය ඇතුළේ තමා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි උදවිය සිටි බවත් ඒ අයට ස්තුතිවන්ත වන බවත් හෙතෙහි සඳහන් කළේය. කිරේ සිටි දින තිස් පහේ දී සියලු පක්ෂ වල මන්ත්‍රීවරුන් විසි පහක් විතර තමා බැලීමට පැමිණි බව ද ඔහු කීය.චරිත් අබේසිංහ මහතා මෙසේ පැවැසුවේ මාධ්‍ය කළ විමසුමකදීය.