
නිසි බලපත්‍ර ලබාගැනීමකින් තොරව ශ්‍රී ලංකාව තුළ නීතිවිරෝධී අයුරින් පවත්වාගෙන ගිය අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවි 24ක් සඳහා පිවිසීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) පියවර ගෙන තිබේ. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය විසින් කරන ලද දැනුම්දීමකට අනුව ඊයේ (04) දින මෙම තීරණය ගෙන ඇත.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනය කරන්නේ, 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතේ 15, 16 සහ 18 යන වගන්ති ප්‍රකාරව අවශ්‍ය වලංගු බලපත්‍ර ලබාගැනීමකින් තොරව මෙරට තුළ මෙවැනි සේවාවන් පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම එකී පනතේ 44 වගන්තිය අනුව දණ්ඩනීය වරදක් මෙන්ම නීතිවිරෝධී ක්‍රියාවක් වන බවයි. ඒ අනුව අදාළ නීතිවිරෝධී වෙබ් අඩවි වෙත මෙරට සිට පිවිසීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන් වෙත උපදෙස් ලබා දී තිබේ.
මෙලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි තහනමට ලක්වූ නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 24 මෙසේය:
1xbet(dot)com
betway(dot)com/en-lk
22bet(dot)com
melbet(dot)com
unibet(dot)com
betfair(dot)com
dafabet(dot)com
bet365(dot)com
1win(dot)com
spinbetter(dot)com
10cric(dot)com
bc(dot)game
megapari(dot)com
pin-up(dot)bet
stake(dot)com
mostbet(dot)com
parimatch(dot)com
betwinner(dot)com
linebet(dot)com
4rabet(dot)com
rajabets(dot)com
dbbet(dot)com
coldbet(dot)com
WinWin(dot)