ශ්‍රී ලංකා යුද හමුදාවේ නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා පත් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිර්දේශ සහ මඟපෙන්වීම්වලට අනුව සිදු කෙරුණු මෙම පත් කිරීමත් සමඟම, ඔහු ලුතිනන් ජෙනරාල් ධුරය දක්වා උසස් කර ඇත.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වැනි හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ ධුර කාලය අවසන් වීමෙන් පසුව මෙම නායකත්ව වෙනස සිදු කර තිබේ. මෙම පත්කිරීමට පෙර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයේ කටයුතු කළ නිලන්ත ප්‍රේමරත්න මහතා, හමුදා සේවයේ විවිධ උසස් තනතුරු හොබවමින් වගකීම් ඉටු කළ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සාමාජිකයෙකු වන ඒ මහතා පාඨමාලා අංක 34 යටතේ යුද හමුදාවට එක්ව තිබේ. එමෙන්ම, හමුදා සේවා කාලය තුළ ඔහු යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කර ඇත.