retirement-age-of-government-employees-in-several-fields-has-gone-up

රජයේ සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් රජය වෙත ඉල්ලීම් ලැබෙමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කරන්නේ අදාළ ක්ෂේත්‍රවලින් ඉදිරිපත් වී ඇති මෙම ඉල්ලීම් කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති අතර ඒ පිළිබඳව මේ වන විටත් සලකා බලමින් සිටින බවයි.




මීරිගම රෝහලේ අලුතින් ස්ථාපනය කරන ලද වකුගඩුවල ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ නිල උත්සවයට ඊයේ (12) සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ විවිධ වෘත්තිකයන් විසින් කරන ලද මෙම ඉල්ලීම් මැනවින් අධ්‍යයනය කර ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට රජය කටයුතු කරන බවයි.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,




“දැනටමත් විවිද වෘත්තිකයින්ගේ පැත්තෙන් ඉල්ලීම් ලැබිලා තියෙනවා. අභියාචනාධිකරණයේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ, මහාධිකරණයේ පමණක් නෙමෙයි සෞඛ්‍ය සේවාවේ සමහර වෘත්තිකයින්ගෙන් ඉල්ලීම් ඇවිත් තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් තිබෙනවා. තවත් වෘත්තිකයින්ගේ මේ විශ්‍රාම යන වයස වැඩි කරගන්න ඔවුන්ට තව කාලයක් වැඩ කරන්න පුළුවන් කියලා අදහසක් ඇවිත් තිබෙනවා. සමහරුන් ඒකට විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් රජයක් ලෙස ඒ ඉල්ලීම් සලකා බලමින් තිබෙනවා”