19-dead-in-indias-nagaland-and-jammu-kashmir-floods

ඉන්දියාවේ නාගලන්තය සහ ජම්මු-කාශ්මීර ප්‍රාන්තවලට බලපෑ අධික මෝසම් වර්ෂාව හේතුවෙන් හටගත් හදිසි ගංවතුර සහ නායයෑම්වලින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉරිදා දින වාර්තා වූ මෙම ආපදා තත්ත්වයත් සමග බලපෑමට ලක්වූ ප්‍රදේශවල සහන සහ මුදවාගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

මියගිය අයගෙන් 8 දෙනෙකු මියන්මාර දේශසීමාවට යාබදව පිහිටි ඊසානදිග නාගලන්ත ප්‍රාන්තයෙන් වාර්තා වන අතර, අනෙක් 11 දෙනා ඉන්දියානු පාලනය යටතේ පවතින ජම්මු සහ කාශ්මීර ප්‍රදේශයෙන් වාර්තා වේ.




නාගලන්තයේ මොන් දිස්ත්‍රික්කයේ මහේස්ත්‍රාත් වෙන්යෙයි කොන්යක් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, මියගිය අටදෙනාගෙන් සිව්දෙනෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන ඇති බවත්, මුදවාගැනීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වන බවත්ය. එසේම මෙම ආපදාවෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජම්මු ප්‍රදේශයේ රාජෞරි දිස්ත්‍රික්කයට බලපෑ දැවැන්ත ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් ජම්මු සහ කාශ්මීර මහඇමති ඕමාර් අබ්දුල්ලා සිය බලවත් ශෝකය ප්‍රකාශ කර ඇත. ගංවතුර හේතුවෙන් බස් නැවතුම්පොළක් ද ඇතුළුව පොදු සහ පෞද්ගලික දේපළ රැසකට දැඩි හානි සිදුව තිබේ. ඉන්දීය එන්.ඩී.ටී.වී පුවත් සේවය වාර්තා කළේ ජම්මු ප්‍රදේශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති බවයි. කෙසේ වෙතත්, යුද හමුදාව සහ ප්‍රාන්ත හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් එක්ව කුඩා දරුවන් පස්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු ආරක්ෂිතව මුදවාගැනීමට සමත්ව ඇත.




ඉදිරි දින දෙක තුළ ජම්මු සහ කාශ්මීරයට තවදුරටත් ඉතා අධික වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බවට ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ. අයහපත් කාලගුණික තත්ත්වය සහ බැතිමතුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් කාශ්මීරයේ වාර්ෂික හින්දු අමර්නාත් වන්දනා චාරිකාව ද තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇත. කාලගුණය යහපත් වී මාර්ගවල ආරක්ෂිත බව තහවුරු කිරීමෙන් පසු එය නැවත ආරම්භ කරන බව රජය නිවේදනය කළේය. ඊට අමතරව, මිලියන ගණනක් බැතිමතුන් පැමිණෙන ජම්මු හි වෛෂ්ණෝ දේවි වන්දනා ගමන ද මේ වන විට අත්හිටුවා තිබේ. ඉන්දියාවේ මෝසම් කාලසීමාව තුළ මෙවැනි ගංවතුර සහ ආපදා තත්ත්වයන් වාර්ෂිකව සුලබව දක්නට ලැබෙන තත්ත්වයකි.

19-dead-in-indias-nagaland-and-jammu-kashmir-floods

19-dead-in-indias-nagaland-and-jammu-kashmir-floods

19-dead-in-indias-nagaland-and-jammu-kashmir-floods

19-dead-in-indias-nagaland-and-jammu-kashmir-floods

19-dead-in-indias-nagaland-and-jammu-kashmir-floods

19-dead-in-indias-nagaland-and-jammu-kashmir-floods