water-cut-to-several-areas-of-colombo-on-saturday-04

හෙට (04) පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා වූ පැය 12 ක කාලයක් කොළඹ ඇතුළු තදාසන්න කලාප රැසක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. විදුලිබල සැපයුම් පද්ධතියේ මුල්ලේරියාව උපපොළ ආශ්‍රිතව සිදු කිරීමට නියමිත අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලි බලය තාවකාලිකව අත්හිටුවීමට සිදුවීම මීට හේතුවී තිබේ.

මෙම තත්ත්වය මත කොළඹ ප්‍රධාන නගර සීමා 01 සිට 15 දක්වා වූ ප්‍රදේශවලට අමතරව බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මැදිවෙළ, නුගේගොඩ,කළුබෝවිල ,කොහුවල, සහ නාවල යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවීමට නියමිතව ඇත.

එමෙන්ම කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙළ, මහරගම, බොරලැස්ගමුව සහ පිළියන්දල යන ප්‍රදේශවලට ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.