a-statement-from-the-minister-of-justice-to-parliament-about-the-incident-in-negombo

මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී හටගත් දරුණු නොසන්සුන්කාරී තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ රැඳවියන් කිහිපදෙනෙකු අතට කිසියම් අයුරකින් ආයුධ පත්වීම සහ ඔවුන් එහි තිබූ යකඩ ගේට්ටුවක්ද කඩාදමමින් පිටතට පැමිණීම බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අනාවරණය කරයි. බන්ධනාගාරය තුළ ඇති වූ මෙම බරපතළ ගැටුම්කාරී වාතාවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකළ අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.




එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රජය විසින් මෙම සිදුවීම කිසිදු අවස්ථාවක සැහැල්ලුවට හෝ අවතක්සේරුවකට ලක් කර නොමැති බවයි. බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වන සමස්ත පාලන යාන්ත්‍රණයම සහමුලින්ම කඩාකප්පල් කර දැමීම මෙම කලහකාරී ලෙස හැසිරුණු පිරිස්වල ප්‍රධානතම අරමුණ වී තිබූ බවද හෙතෙම සභාවට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියේදී මුලින්ම ප්‍රහාරයට ලක්ව ඇත්තේ එහි රාජකාරියේ නිරතව සිටි නිරායුධ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු බව පැවසූ අමාත්‍යවරයා, ඔවුන්ව බේරාගැනීමේ අරමුණින් සෙසු නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇති බවද සඳහන් කළේය. එහිදී එල්ල වූ දරුණු ප්‍රහාර හමුවේ බහුතරයක් නිලධාරීන් ගඩොල්වලින් සහ පොලුවලින් අමානුෂික ලෙස පහරකෑමට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බවද අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.




සිදුවූ බරපතළ වැරැද්ද නිසි ලෙස තේරුම් ගෙන, ඉදිරියේදී මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් නැවත කිසිදු දිනෙක සිදුනොවීමට වගබලාගත යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එමෙන්ම කුමන හේතුවක් හෝ අරමුණක් පෙරදැරි කරගනිමින් මෙම මාරාන්තික ප්‍රහාරය එල්ල කළේද යන්න පිළිබඳව නිවැරදිව සොයා බැලීම අත්‍යවශ්‍ය කරුණක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා සිදුකළ එම විශේෂ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පහත පරිදි වේ.



“මේක හොඳින් සිහියට ගන්න මේක රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ගැටුමක් වෙන්නේ නෑ. රැඳවියන් අතර ගැටුම වෙන්නේ. ඒකෙන් දෙන්නෙක් මිය යනවා. 34 තුවාල ලබනවා. ඒකට අපි මැදිහත් වෙනවා. ඒක අපිට සමතයකට පත්කරගන්න පුළුවන් වෙනවා.

පසුවෙනිදා උදෑසන නැවත ඉතාම ක්ෂණිකයෙන් උදේ වරුවේ ඔවුන්ට ආහාර දීලා උසාවි ගෙනියන්න ලෑස්ති වෙද්දි නැවත මෙම දෙපාර්ශ්වය අතර ගැටුමක් ආරම්භ වෙනවා. මේ ගැටුම වෙන්නේ කුඩු සහ පාතාලයට සම්බන්ධ කණ්ඩායම් දෙකක් අතර. මත්ද්‍රව්‍ය ගැන අපිට තොරතුරු දුන්න රැඳවියෝ තමා ඉස්සෙල්ලාම ප්‍රහාරයට ලක්වෙන්නේ. ඒ නිසා අපි හිතනවා මේක මත්ද්‍රව්‍ය හා සම්බන්ධ ගැටුමක් විය හැකියි කියලා. මා මේ කියන සියලු කරුණු තහවුරු වෙන්නේ කමිටු වාර්තාවලින් පසුව. මේ මට මේ මොහොතේ තියෙන තොරතුරු පමණයි. පරීක්ෂණ අනුව වෙනස් විය හැකියි.

මොවුන් ප්‍රහාර එල්ල කරලා CCTV කැමරා ටික කඩනවා. හැමෝම නෙමෙයි කෙටි පිරිසක්. බොඩි ස්කෑනර් එක කඩනවා. මොවුන් නාකොටික් සහ අනීතික දේවල් බන්ධනාගාරය තුළට ඒමට තිබෙන යාන්ත්‍රණය අඩපණ කළ බව තමා තේරෙන්නේ. ප්‍රහාරයට ලක්වෙන්නේ නිරායුධ නිලධාරීන් දෙදෙනෙක්. ඔවුන්ට පහර දෙනකොට അනිත් අයඇවිත් තියෙන්නේ. බහුතරයක් නිලධාරීන් අමානුෂික පහරදීමට ලක්ව මියයන්නේ. දිවි හිමිවෙන් රැකියාව කරපු නිලධාරීන්ට මගේ ගෞරවය. යකඩ දොර කඩාගෙන ඔවුන් එතැනින් එළියට එනවා. දැනට තියෙන තොරතුරු අනුව ඔවුන් අතට යම් ආයුධයක් දෙකක් පත්වෙලා තියෙනවා. ඒක කොහොමද වුණේ කියලා විමර්ශනය හරහා හොයනවා. ඒ අවස්ථාවේ දී නිලධාරීන් ආත්මාරක්ෂාවට වෙඩි තබා තියෙනවා. ”