5-people-were-burnt-to-death-in-helmet-factory-fire

හෝමාගම කර්මාන්තපුරයේ හෙල්මට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ හටගත් ගින්නෙන් පිළිස්සී මියගිය 05 දෙනෙකුගේ සිරුරු සොයා ගත් බව ආරංචි මාර්ග සදහන් කරයි.




ගින්න මැඩ පවත්වා කළ සෝදිසිය අතරතුර මෙම සිරුරුහමුවි ඇති අතර ගින්න නිසා පැනගන්නට බැරිව සිරවු කම්හල් සේවකයින් 5 ක් මෙලෙස මියගොස් ඇති බව අනුමාන කෙරේ.

පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කරේ, කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්තශාලාවක ඇති වූ ගින්න මේ වන විට පාලනය කර ඇති බවය.




ගින්න නිවා දැමීමෙන් පසු සුන්බුන් අතර සෝදිසි මෙහෙයුම් මේ වනවිට වැඩිදුරටත් සිදුවේ. කටුවාන කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක අද (21) උදෑසන හටගත් මෙම ගින්න පාලනය සඳහා ගිනි නිවීමේ රථ 08ක් යෙදවූ බව ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

gossiplanka image