what-to-do-if-you-get-dengue

වැස්සත් සමග උණ රෝග වසංගත තත්වයක් ලෙස පැතිර ඇත යන මේ මොහොතේ, සියලුව උණ රෝගීන්, උණ වැළඳුණු පළමු දවසේම රෝහල් ගතවිය යුතු නැත. මේ දිනවල පැතිර යන උණ රෝග වර්ග කිහිපයකි.

1. ඩෙංගු උණ 2. මී උණ 3. ඉන්ෆ්ලුවෙන්සා ( ස්වසන පද්ධතිය ආශ්‍රිත අනෙකුත් වයිරස් උණ රෝගය) ඒ අතර ප්‍රධාන තැනක් ගනී.




නිරිත දිග මෝසම් වර්ෂාවේ සක්‍රීයත්වයත් සමග 2017 වසරින් පසුව, දෛනිකව ඩෙංගු රෝගින් බොහොමයක් වාර්තා වෙමින් පවතිනුයේ මේ මෑත වකවානුවේදීය. සම දිනවල ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් (Dengue infection) ඉතා වේගයෙන් වැඩිවී ඇති නිසා, රෝහල්වල ධාරිතාවත්, රෝගී තදබදය හේතුවෙන් මෘදු තත්වයේ රෝගීන් රෝහල් ගත විය යුතු නැත. මෙබඳු රෝගීන් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවසේදී රැක බලා ගත හැකිය. වාර්තා වන රෝගීන් හමුවේ රෝහල් ධාරිතාවද උපරිමයකට පැමිණ ඇති වකවානුවකදී බරපතළ රෝගියකුට රෝහලේ ඇඳක් ඉතිරි කර මෘදු තත්වයේ රෝගීන්ව නිවසේදී කළමනාකරණය කරන අයුරු අද කතාබහ කරයි.

මෘදු තත්වයේ රෝගීන් යටතට උණ සෑදුන මුල් දින කිහිපය තුළ බරපතළ නොවන ඩෙංගු රෝගින් සැලකේ. යොවුන් දෛනිකව රෝහල්වල බාහිර ප්‍රතිකාර ඒකකයේ, උණ ඒකකයේ වෛදයවරයකුගේ අධීක්ෂණය යටතේ මුලිකව දිනපතා පරික්ෂාවකින් පසුව, බොහෝ විට නිවසේ සිට කළමනාකරණය කරනු ලැබේ.




ඩෙංගු කළමනාකරණය සෑම විටම වෛද්‍ය උපදෙස් අනුව පමණක් කළ යුතු බව අවධාරණය කරමි.

ඩෙංගු රෝගින්ගේ රුධිර පට්ටිකා (Platelet) අඩුවන අතර සමහර රෝගින් ඩෙංගු කම්පන තත්වයටද පත්විය හැකිය. සමහරු ඩෙංගු රක්තපාත තත්වයට පත්වී අභ්‍යන්තර මෙන්ම බාහිර රුධිර වහන තත්වයට පත්විය හැකිය. ඩෙංගු මාරාන්තික රෝගයක් හෙවත් ජීවිතය තීරණය කරන රෝගී තත්වයක් කියන්නේ එනිසාවෙනි.



ඩෙංගු රෝගීන්ගේ නිරීක්ෂණය කළ යුතු දේවල් දිනකට පානය කළ යුතු තරල (Fluids) ප්‍රමාණය, රෝගියා පිට කරන මුත්‍ර ප්‍රමාණය (Urine output), රුධිර ඝනත්වය (Hematocrit), දිනපතා රුධිර පරීක්ෂණ (FBC), රුධිර පීඩනය සහ නාඩි වැටිමේ වේගය සහ නාඩිවල ස්වභාවය. මේ දේවල් ගැන විමසිලිමත් වීම සේම එකහා නිරීක්ෂණය කිරීමත් අවශ්‍යය.

ඩෙංගු රෝගීන් සදහා කරන රුධිර පරික්ෂණ ඩෙංගු පරික්ෂණ NS1 Antigen පරීක්ෂණය උණ ආරම්භ වූ පළමු දින සිට 5 වැනි දින දක්වා ඩෙංගු වයිරසය ඉක්මනින් හඳුනාගැනීමට උපකාරි වේ.

මෙම පරික්ෂණය positive නම් ඔබට ඩෙංගු රෝගය වැළදී ඇත යනු නිගමනයයි. NS1 ඩෙංගු antigen පරීක්ෂණ negative වුවත්, ඔබ ඩෙංගු රෝගියකු විය හැකිය.

IgM / IgG පරීක්ෂණය උණ වැළඳී දින 5න් පසුව සිදු කළ යුතුය IgM නව ඩෙංගු ආසාදනයක්ද කියා දැනගැනීමට මින් හැකිය.

IgG පෙර ඩෙංගු ආසාදනයක් තිබුණාද කියා දැනගැනීමට මෙය ඉවහල් වේ. 1. FBC (Full Blood Count) සාමාන්‍යයෙන් උණ වැළඳී දින 3 සිට කෙරේ.

මෙමගින් පරීක්ෂා කර බලන්නේ පට්ටිකා සංඛ්‍යාව (Platelet count), රුධිර ඝනත්වය (Hematocrit / PCV) 83.

පට්ටිකා අඩුවීම සාමාන්‍ය දෙයක් විය හැකි අතර Hematocrit ඉහළ යාම අවදානම් ලකුණකි නිවසේදී ඩෙංගු රෝගියකු රැකබලා ගැන්නේ කෙසේද?

විවේකය (Bed rest) රෝගියා සම්පූර්ණ විවේකයෙන් සිටිය යුතුය.

වැඩ, ඇවිදීම, වෙහෙස වළක්වන්ත අ ධි ක සංගු රෝගයේ ඉතා වැදගත්ම දේ තරල ලබාදීමය, එය රෝගියාගේ ජීවිතය රැක ගැනීමට ඉවහල් වන ප්‍රධානතම සාධකයකි. එබැවින් තරල නිවැරැදිව රෝගියාට ලබා දිය යුතු වේ.

දිනකට අවශ්‍ය තරල ප්‍රමාණය ශරීරයේ බර අනුව තීරණය කෙරේ. 50 ml ශරීර බර (kg) (උපරිම 50kg දක්වා) සරල උදාහරණයක් මගින් සමෙය පැහැදිලි කියමුත් ශරීරයේ බර අනුව දිනකට ලබා ගත යුතු තරල ප්‍රමාණය මෙසේ දැක්විය හැකිය. 20 kg – 1000 ml (1 ලීටර්) 30 kg – 1500 ml(1.5 ලීටර්) 40 kg – 2000 ml (2 ලීටර්) 50 kg හෝ වැඩි 2500 mk (2.5 ලීටර් අවම) මෙයින් අදහස් වන්නේ රෝගියාගේ බර අනුව දෛනික දියර අවශ්‍යතාව තීරණය වන බවය.

ඩෙංගු රෝගියකුට දියර (Fluids) ලබාදීමේදී ඉතා වැදගත් දේ වන්නේ නිවැරදි ප්‍රමාණය. නිවැරදි කාලයට ලබා දීමයි.

මේ සඳහා මිනුම් කෝප්පයක් (Measurement cup) භාවිත කිරීම ඉතා වැදගත් වේ.

පැයකට කොපමණ දිය යුතුද?

රෝගියාගේ ශරීර බර අනුව 40 kg රෝගියකුට පැයකට 80 ml, 50 kg රෝගියකුට පැයකට 100 ml, 60 jg රෝගියකුට පැයකට 100-120 ml ලබා දිය හැකිය. මෙහිදී මතක තබා ගත යුතු වැදගත්ම කරුණ නම් අවශ්‍ය තරල ප්‍රමාණය රෝගියාට එකවර පානය කිරීමට ලබා නොදිය යුතු බවය.

එසේනම් නිවැරැදි ක්‍රමය වන්නේ පැයක් පුරා සුළු ප්‍රමාණ වශයෙන් ලබා දීමය. මිනිත්තු 10ට 15ට වරක් සුළු ප්‍රමාණයක් ලබාදීම කළ හැකිය.

මෙය වැදගත් ඇයි?

ඩෙංගු රෝගයේදී රුධිර නාළවලින් දියර කාන්දු වීම සිදුවිය හැක. එබැවින් අඩුවෙන් දියර දුන්නොත් ශරීරය දුර්වල වේ. තරල ප්‍රමාණය වැඩියෙන් එකවර දුන්නොත් හුස්ම ගැනිමේ අපහසුතා ඇති විය හැක.

නිවැරැදිම දේ රෝගියා හට සමතුලිතව (Balanced fluids) තරල ලබාදීමය.

ඒ අනුව රෝගියාට ලබා දිය හැකි තරල වශයෙන් ගත හැක්කේ ජලය පමණද? වෙනත් දේවල් ලබා දිය නොහැකිද?

ජීවනි (ORS), පොල්වතුර, සුප්, කැඳ සහ අඩු වර්ණ පලතුරු යුෂද මේ සඳහා ඔබට යොදා ගත හැකිය.

රෝගියාගේ උණ තත්වය තවමත් පවතී නම් පැය හයෙන් හයට උණ සඳහා Paracetamol පමණක් භාවිත කරන්න.

පහත දේවල්වලින් සම්පුර්ණයෙන්ම වළකින්න කෘත්‍රිම බීම (Soft drinks), මත්පැන් (Alcohol), අධික කැෆෙන් වර්ග. රතු දුඹුරු වර්ණ බිම සුව වන තුරු නොදිය යුතුය.

නොගතයුතු ඖෂධ ඇස්පිරින් (Aspirin) ඉබුප්‍රොෆෙන් (Ibuprofen) ඩයික්ලොෆෙනැක් (Diclofenac) මෙෆෙනැමික් අම්ලය (Mefenamic acid) මේ ඖෂධ ලේ වහනය (Bleeding risk) වැඩි කළ හැක.

මුත්‍ර නිරීක්ෂණය සාමාන්‍ය: 0.5-1 ml/kg/hour පැය දෙකකට හෝ 3 කට වරක් මුත්‍ර පිටකර මැන බලා වගුගත කරන්න.

අවදානම් ලකුණු: පැය 4 - 6 කට වඩා මුත්‍ර පිට නොවූයේ නම් මෙය වහාම රෝහලට යා යුතු ලකුණකි.

ආහාර Diet) සැහැල්ලු ආහාර කැඳ සුප් බත් + එළවළු කෙසෙල්, පැපොල් දොඩම්, කොළ මිදි මේවා නොගත යුතුය.

තෙල් අධික ආහාර කෘත්‍රිම බීම අධික රතු/දුඹුරු ආහාර

ඩෙංගු රෝගියකු වහාම රෝහලට යා යුතු ලක්ෂණ

 බඩේ දැඩි වේදනාව නිතර වමනය ලේ වහනය (නාසය / දත් මස් මළපහ) අත් පා සීතල වීම අධික නිදිමත දුර්වලතාව හුස්ම ගැනීමේ අපහසුතාව මුත්‍ර අඩු වීම මෙම රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් අවදානම් අවධිය (Critical phase) තුළ දක්නට ලැබේ.

විශේෂ අවධානය 

ළමයකුගේ ඩෙංගු පොසිටිව් නම් අනිවාර්යයෙන්ම ළමා රෝග වෛද්‍යවරයකුගේ උපදෙස් අනුව පමණක් කළමනාකරණය කළ යුතුය.

ඩෙංගු රෝගය සරල උණක් තීරණය වීමට පට්ටිකා නොව තරල සමතුලිතතාව නොවන අතර ජීවිතය (Platelet count) පමණක් (Fluid balance), මුත්‍ර ප්‍රමාණය, රුධිර ඝනත්වය (Hematocrit) සායනික ලක්ෂණ (Clinical signs) යන මේ සැමදේම ඉතාම වැදගත්ය.

ඩෙංගු රෝගියකුගේ ජීවිතය රැක ගන්නේ නිවැරදි නිරීක්ෂණය සහ නිවැරැදි තරල කළමනාකරණ සහ නිසි වේලාවට නියමිත ප්‍රතිකාර ලබා දීමෙන් බව මතක තබා ගනිමින් වෛද්‍ය උපදෙස් වලට නතුව සහ වෛද්‍ය අධීක්ෂණය මත රෝගියා නිසි කළමනාකරණය කර ගත හැකිය.

--
කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය යමුනා සේනාධීර 
(සටහන - මාධවී ධර්මරත්න)