chamara-sampath-who-danced-the-devil-for-not-being-allowed-to-go-to-china-was-kicked-out-of-parliament

පාර්ලිමේන්තුවේ නීතිවිරෝධීව සහ අපහාසාත්මක අන්දමින් හැසිරීමක් සිදු කළ නිසා පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්, පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කරන ලෙස කතානායකවරයා විසින් පාර්ලිමේන්තු ලේකම්වරියට අද උදෑසන දැනුම් දුන්නේය.




මෙයට හේතුවූයේ අධිකරණ තීන්දුවක් විවේචනය කරමින් ඔහු කළ අදහස් දැක්වීමයි.

ලබන 23 වනදා සිට එළැඹෙන 06 වනදා දක්වා කාල සීමාව තුළ චීනයේ සංචාරයක නිරත වීම සඳහා තමන්ට පනවා තිබෙන විදේශ ගමන් තහනම ලිහිල් කරන ලෙස චාමර සම්පත් දසනායක මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඔහුට එරෙහි පැවති එක් නඩුවකදී එම තහනම ලිහිල් කිරීමට එකගවී තිබුණත් අනෙක් නඩුවකින් එලෙස ලිහිල් කර නැත. 

මේ ගැන සිත්තැවුලට පත් මන්ත්‍රීවරයා ඊයේ දින කතානායක කාර්යාලයට පැමිණ කතානායකවරයා හමුවන්නට උත්සාහ කළද ඔහු බලෙන් කාමරයට ඇතුළුවූ නිසා ඔහුව ඇතුලු කරන්නට එපා යයි කතානායකවරයා පවසා තිබුණි. (මින් ඉහත කතානායක කාර්යාලයේ අනියම් ඇසුරක සිද්ධියක් ගැන කතා හැදුවේද මන්ත්‍රීවරයාය) 

මෙම සිද්ධිය නිසා තමාට අධිකරණයෙන් අසාදාරණයක් වූ බව හා කතානායකවරයාගෙන් සහයක් නැතිවූ බව කියමින් චාමර සම්පත් මන්ත්‍රීවරයා දෙස් දෙවොල් තියන්නට වූයේ තමාගේ චීන ගමන අහිමිවීමේ දුකද සමගිනි.




අල්ලස් කොමිසමට හා කතානායකවරයාට දොස් පවරමින් චාමර මන්ත්‍රීවරයා දිගින් දිගටම කෑගැසූ අතර පාර්ලිමේන්තු මහලේකම් වරියගේද අනුදැනුම මත චාමර සම්පත් සභාගර්භයෙන් එළවා දමන්නට කතානායකවරයා නියෝග කළේය.

gossiplanka image