8-bus-drivers-arrested-for-drugging

රාජකාරියේ නිරත වෙමින් සිටියදී මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට සැකකෙරෙන බස් රථ රියදුරන් අට දෙනෙකු සහ එක් කොන්දොස්තරවරයෙකු කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.




මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත්තේ කළුතර දකුණ පොලිසිය සහ ජාතික ගමනාගමන වෛද්‍ය ආයතනය (NTMI) ඒකාබද්ධව සිදු කරන ලද විශේෂ මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙනි.

කළුතර දකුණ පොලිස් වසම තුළ ධාවනය වන පොදු ප්‍රවාහන සේවාවල නිරත කාර්ය මණ්ඩල ඉලක්ක කරගනිමින් මෙම හදිසි පරීක්ෂාවන් ක්‍රියාත්මක කර තිබුණි.




එලෙස නීතියේ රැහැනට කොටු වූ සැකකරුවන් අවුරුදු 35 ත් 57 ත් අතර වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන් පයාගල, දොඩංගොඩ සහ කළුතර දකුණ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අංශ විසින් මේ වන විටත් වැඩිදුර විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යනු ලබයි.