මාතලේ පොලිස් බලප්‍රදේශයට අයත් අතිරහපිටිය ගම්මානයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වේ.
ඊයේ (24) උදෑසන කාලයේදී මෙම අපරාධය සිදුව ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි වයස අවුරුදු 64ක පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා සහ ඔහුගේ පුත්‍රයා අතර හටගත් බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව, කෝපයට පත් පුත්‍රයා විසින් සිය පියාට මෙම මාරාන්තික ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පියා ඝාතනය කිරීමේ චෝදනාව මත වයස අවුරුදු 33ක් වන අදාළ සැකකාර පුත්‍රයා මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් මාතලේ පොලිස් ස්ථානය මගින් ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

