පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 159 දෙනා අතරින් තමන් සහ රෝහිත අභයගුණවර්ධන යන මහත්වරුන් 'වල්පැල' දෙකක් ලෙස ඇතැමුන් විසින් හඳුන්වනු ලැබූ බවත්, එලෙස පැවසූ පිරිස් මේ වන විට තමන් විසින්ම ඩෝසර් කර දැමීමට තරම් තත්ත්වයක් උද්ගත වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා ප්‍රකාශ කරයි.
"අයියලා ආවේ කොහොමද? පකීර් සයිබුලා. කිව්වේ කොහොමද? ඈ?
"වල් පැළ දෙකක් ආවා. ඔවුන්ව දැන්වත් ඩෝසර් කරලා දානවා" කියලා තමයි අපිට කිව්වේ.
159ක් මැද ඉන්න වල් පැළ දෙකයි කියලා කිව්වේ මටයි, රෝහිත අභයගුණවර්ධනටයි.
හැබැයි අපි, විශේෂයෙන්ම මම, පාර්ලිමේන්තුවට එනකොට 159ක් එක්ක පැනලා තමයි හිටියේ.
පටන් ගත්තු දවසේ ඉඳලා අද වෙනතුරු ප්‍රශ්න 400කට වැඩිය කතා කරලා තියෙනවා. මේ ආණ්ඩුවේ වැරදි හැම දෙයක්ම මේ පාර්ලිමේන්තුව තුළ පෙන්නලා දීලා තියෙනවා.
ගිය අවුරුද්දේ මේ වෙලාව වෙනකොට මාස හයකට මම බන්ධනාගාරයට ගියා.
ගිය අවුරුද්දේ මේ වෙලාවේ මම හිටියේ වැලිකඩ බන්ධනාගාරයේ. අලුත් අවුරුද්දේ මාස දෙකක් එහේ හිටියා. වැලිකඩ මාසයක් හිටියා. බදුල්ල බන්ධනාගාරයේ මාස එකහමාරක් හිටියා.
අද මේ ආවේ, උදේ ඉඳලා දවල් වෙනකන් තියලා, අධිචෝදනා භාර දීලා, මහා අධිකරණයේ වෙනම අලුත් උසාවියක් දාලා මම වෙනුවෙන් නඩු අහනවා. ඔව්, මම වෙනුවෙන් නඩු අහනවා.
ඊට අමතරව, අධිචෝදනා දෙන්න මට තව නඩු තුනක් තියෙනවා. බදුල්ලේ පොදු දේපළ පනත යටතේ තව නඩුවක් CID එකට දාලා තියෙනවා.
ඉතින් එතකොට ඔක්කොම නඩු හතරයි.
ඉතින් එහෙම තියෙද්දි තමයි මේ දේශපාලනය කරන්නේ.
හැබැයි එකක් කියන්න ඕනේ; මේ චාමර සම්පත්ලාට අධිචෝදනා නෙවෙයි, මොන චෝදනා දුන්නත් ජනතාවගේ දේශපාලනය වෙනුවෙන්, ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් මේ ආණ්ඩුවට ගහන එක නම්, මේ ආණ්ඩුවට විරුද්ධව වැඩ කරන එක නම් චාමරලා නවත්වන්නේ නැහැ. හිරගෙවල් හතකට ගියත් ඒක නම් නවත්වන්නේ නැහැ පුතා. ඒක නම් කියන්නම ඕනේ.
ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා අපිට බය කරලා, නඩු දාලා අපේ කටවල් වහන්න පුළුවන් කියලා. ඒත් අපේ කටවල් වහන්න බැහැ. ඒකත් මම මේ වෙලාවේදී කියන්න ඕනේ.
ඒ නිසා අපි අධිකරණයට වැරැද්දක් කියන්නේ නැහැ.
අධිකරණය ස්වාධීනයි. අධිකරණයෙන් ඒ තීන්දු දෙයි. මේවා මොන නඩුද?
ආරාධනා පත්‍ර ටිකක් ගහලා, මහජන බැංකුවෙන් දීපු ලක්ෂ 10කින් පෙර පාසල් බෑග් බෙදපු එකට මට නඩු දාලා. මේවා නඩුද?
මෙන්න මේ වගේ පොඩි චෝදනා තමයි අල්ලගෙන ඉන්නේ, මේ සුපින්වතුන්. ඒවා අල්ලගෙන.
දැන් ඉතින් එහෙම නම්, දැන් තමයි නියම නඩු අහන්න තියෙන්නේ.
මිලියන 250, මිලියන 2.5යි, ඩොලර් මිලියන කෝටි 75ක්.
හැකර්ලා... මේ හැකර්ලා ගහලා. ඈ? මේ පකීර්ලාගේ.
අයියලා ආවේ කොහොමද? පකීර් සයිබුලා. කිව්වේ කොහොමද? ඈ?
ඇවිදින පුස්තකාල කියලා කිව්වා.
මේ පකීර් සයිබුලා කෙළලා... ඒක විතරක් නෙවෙයි."

