how-the-president-and-the-prime-minister-celebrated-their-birthdays

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට එක් වෙමින් දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ අනුරාධපුර, ගල්නෑව ඉන්ද්‍රජිත් සම්පත් සේනාරත්න මහතාගේ නව නිවසේ පැවති අලුත් අවුරුදු සැමරුමට අද (14) පෙරවරුවේ ජනපති අනුර කුමාර දිසානායක එක්වූයේය.

පසුගිය නොවැම්බර් මාසයේ සිදු වූ දිට්වා ව්‍යසනයෙන් පූර්ණ හානියට පත් නිවාසවලට ලබා දුන් වන්දි යටතේ මාස තුනක කාලයක් තුළ ගල්නෑව ඉන්ද්‍රජිත් සම්පත් සේනාරත්න මහතාගේ නව නිවස ඉදිකර තිබෙන අතර එය පූර්ණ හානියට පත් නිවාස වෙනුවෙන් ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඉදි කෙරෙන නව නිවාස හයෙන් එකකි. එමෙන්ම මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අර්ධ හානි වූ නිවාස 66කටද මේ වන විට වන්දි ගෙවා අවසන්ය.

ජනපති ඔවුන් සමග අවුරුදු සැමරුවේය. 

මේ අතර අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර ඉටුකිරීමේ නිල සංස්කෘතික උත්සවය ගම්පහ ප්‍රදේශයේ දර්ශන වීරසිංහ නිවසේ පැවති අතර එම අවුරුදු උත්සවයට අගමැති හරිනි අමරසූරිය සංස්කෘතික ඇමති හිනිදුම සුනිල් සෙනෙවි ඇතුළු මැති ඇමතිවරු එක්ව තිබුණි.