for-stealing-from-the-ragama-temple-shop---cutting-katakas-hair

රාගම පිහිටි 'අරලිය ගි‍ෆ්ට් සෙන්ටර්' වෙළෙඳසැල තුළදී එහි අලෙවියට තිබූ භාණ්ඩ සොරකම් කර හසුවූයේයි කියමින් කාන්තාවකට කෲර ලෙස පහර දී ඇගේ හිසකෙස් කැපීමේ සිදුවීමක් වාර්තාවේ. මෙම හිංසනය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය තුළ හුවමාරුවූ අතර අදාළ ප්‍රධාන සැකකාරිය ද ඇතුළුව පුද්ගලයින් පස්දෙනෙකු මේ වනවිට නීතියේ රැහැනට කොටුකර ගෙන තිබේ.

මෙම අමානුෂික අඩත්තේට්ටම්වලට මුහුණ දුන් වින්දිත කාන්තාව සොයාගත් පොලිස් විමර්ශකයින්, ඇයගෙන් සිද්ධියට අදාළව අවශ්‍ය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. අනතුරුව අදාළ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා ඇයව රාගම ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට ද පොලිසිය විසින් පියවර ගෙන ඇත.




පොලිසිය විසින් සිදුකළ පුළුල් විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන රාගම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි කාන්තාවක් සහ තවත් පුද්ගලයින් සිව්දෙනෙකි. එම සෙසු සැකකරුවන් සිව්දෙනා අවුරුදු 20, 21, 22 සහ 23 යන වයස් කාණ්ඩවල පසුවන අය වන අතර, ඔවුන් රාජාංගනය, කඩවත, රාගම සහ ත්‍රිකුණාමලය චීනවරාය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ.

අත්අඩංගුවට පත්වු මෙම සැකකරුවන් පිරිස 2026.04.18 වන දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව ඇත. සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු රාගම පොලිසියේ මෙහෙයවීම යටතේ තවදුරටත් ක්‍රියාත්මක වේ.

gossiplanka image