qr-fuel-delivery-from-monday-16-morning

සියලු ඉන්ධන පිරවුම්හල් මගින් QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම ඉරිදා (15) සිට ආරම්භ කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. මීට පෙර, 2022 පැවති ඉන්ධන ලබාගැනීම සඳහා වන QR කේතය ලබාදුන් ක්‍රමය අනුව යළිත් ඒ ඒ වාහන සඳහා නියමිත ඉන්ධන කෝටාවක් අනුව ඉන්ධන ලබාදීමට ඛනිජ තෙල් අමාත්‍යංශය කටයුතු කරනු ඇත.




ඉරානයේ පවත්නා යුධමය තත්ත්වය හේතුවෙන් කෙටි කාලීන පියවරක් ලෙස 15 ඉරිදා පාන්දර 6 සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක වන අතර සතියකට පසු කෝටාව අලුත් කෙරෙන ආකාරයට ක්‍රියාත්මක වේ.
මේ අනුව සතියට නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් පමණක් වාහන වලට ලබාගැනීමට හැකිවන අතර නැවත අලුත් කරන දිනය වනතෙක් එම කෝටාව තුළ සීමාවීමට සිදුවේ.

මෑත කාලීනව වාහන මාරු කිරීමට හා අලුත් වාහන ලබාගත් අයට මෙම පද්ධතිය තුළ නැවත ලියාපදිංචි වීමට සිදුවනු ඇත.




වැඩි විස්තර https://fuelpass.gov.lk/ වෙබ් අඩවියට පිවිස ලබාගන්නා ලෙස දන්වා තිබේ. 

(එම වෙබ් අඩවිය ඉරිදා උදෑසන 2 වනවිටත් එකම පණිවිඩයක් පමණක් දිස්ව තිබූ අතර එය යාවත්කාලවීම ප්‍රමාද බවක් පෙනෙයි)