කොළඹ බම්බලපිටිය විශාඛා බාලිකා විදයාලය වෙත කඩා වැදුණ බිග් මැච් සිසුන් කණ්ඩායමක් ඇතුළත කලහ කරන්න උත්සාහ කිරීමෙන් පසු පාසල් බලධාරීන් විසින් එළවා දමන ලද බව වාර්තා විය. සිසුන් පිරිස වජිර පාරේ පැමිණ විදුහලේ ගේට්ටුව මතින් පැන ගේට්ටුව ඇරගත් අතර අනතුරුව ඇතුළට පැන ඇත.
සිසුන් වැඩි දෙනෙකු මුහුණු ආවරණය කර පැමිණි අයුරුද වාර්තා විය. කෙසේ වෙතත් විදුහලේ ගුරුවරියන් එක්ව මෙම පිරිස එළවා දමන්නට කටයුතු කළ පසු පිරිස විසිර ගිය අයුරුද වාර්තා විය. සිදුවීම අවස්ථාවේ ඡායාරූප එකතුවක් මේ සමග පළවේ

