හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේදී සාර්ථකව සැත්කමකට භාජනය වූ බව විපක්ෂ මන්ත්‍රී රවි කරුණානායක මහතා අද (19) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සිදුකළේ, වරාය නගර කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති විවාදය අතරතුරදීය.
එම සැත්කම සාර්ථකව නිම කළ බවත්, හිටපු ජනාධිපතිවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් කරුණානායක මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

