brother-threewheels-heart-stops-when-he-drops-off-his-son-who-went-to-the-nursery-with-the-woman-to-school

පසුගිය 17 වැනිදා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක් වෙත කාන්තාවක සමග පැමිණි පුද්ගලයෙකු, එහි කාමරයක් තුළදී ඇතිවූ හදිසි පපුවේ අමාරුවක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. කිරිබත්ගොඩ පොලිසිය විසින් අදාළ මළ සිරුර සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ඉදිරි පරීක්ෂණ අවසන් වන තුරු ඔහු සමග අදාළ කාමරයේ රැඳී සිටි හතළිස් හත් හැවිරිදි කාන්තාව පොලිස් භාරයට ගෙන ඇත.




මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ වෙනත් පොලිස් වසමකට අයත් ප්‍රදේශයක පදිංචිව සිටි 45 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකි. පොලිස් භාරයට පත් කාන්තාවද මියගිය පුද්ගලයාගේ ගම් ප්‍රදේශයේම පදිංචිකාරියක වන අතර, ඇයගේ සැමියා විදේශගතව රැකියාවක නිරතව සිටින බව අනාවරණය වී ඇත. අදාළ කාන්තාවගේ පාසල් යන වයසේ පසුවන පුත්‍රයා දිනපතා පාසල් රැගෙන ගොස් ඇත්තේ මියගිය පුද්ගලයාට අයත් ත්‍රිරෝද රථයෙන් බවද වාර්තා වේ.

දෛනිකව සිදුකළ මෙම ප්‍රවාහන කටයුත්ත හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර යම් සමීප සම්බන්ධතාවක් නිර්මාණය වී තිබී ඇති බවත්, එම සබඳතාව මත මියගිය ත්‍රිරෝද රථ රියදුරා විසින් මෙම කාන්තාව කිරිබත්ගොඩ පිහිටි අදාළ ලැගුම්හල වෙත කැඳවාගෙන විත් ඇති බවත් පොලිස් විමර්ශනවලදී තොරතුරු හෙළිවී තිබේ. එසේම, ලැගුම්හල් කාමරය තුළදී අදාළ පුද්ගලයා මත්පැන් පානය කළ බව පොලිස් භාරයේ පසුවන කාන්තාව විසින් ප්‍රකාශ කර ඇත.




කාමරය තුළ රැඳී සිටියදී තමා සමග පැමිණි පුද්ගලයාට ඇතිවූ හදිසි පපුවේ වේදනාව සම්බන්ධයෙන් කාන්තාව විසින් වහාම ලැගුම්හලේ හිමිකාරිය වෙත දැනුම් දී ඇති අතර, ඉන්පසු ඇය විසින් ඒ බව 1990 සුව සැරිය ගිලන් රථ සේවාවට වාර්තා කර තිබේ. ඉන් අනතුරුව එම ස්ථානයට පැමිණි සුව සැරිය කාර්ය මණ්ඩලය ඇඳ මත වැතිරී සිටි පුද්ගලයා පරීක්ෂා කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බව තහවුරු කර ඇත. මේ පිළිබඳව කිරිබත්ගොඩ පොලිසියට ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ විමර්ශනයක් සිදුකර මෘත දේහය රාගම පිහිටි උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර ඇති අතර, මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මෙන්ම හදිසි මරණ පරීක්ෂණයද පැවැත්වීමට නියමිතව තිබේ.