an-ai-war-is-coming-in-the-future-and-only-namal-can-face-it---pisces

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීනු ගුණසිංහ නම් නවක දේශපාලන ක්‍රියාකාරිනියක පැවැත්වූ සාකච්ඡාවකදී පහත අදහස් පළ කර තිබේ.




දේශපාලනය, තරුණ පරපුර සහ AI තාක්ෂණය පිළිබඳ අදහස කුමක්ද?

සංවිධානාත්මකව මේ මතවාදී කාර්යය අරගෙන යන්න අපි ඉදිරියට පෙළගැසෙනවා. ඒ වෙනුවෙන් අපි වැඩමුළු පවත්වනවා. ඒ වෙනුවෙන්ම සංවිධානය වෙනවා. ඒ වෙනුවෙන් ව්‍යාපෘති හදනවා. ඉතින් අපි ආරාධනා කරන්නේ තරුණ තරුණියන්ට ඉදිරියට එන්න කියලයි. මේ කාලසීමාවේ තරුණ තරුණියන් දේශපාලනයට එන්න යම්කිසි මැලිකමක් දක්වනවා. නමුත් අපි ආරාධනා කරන්නේ හරි පාර තෝරගන්න කියලයි. ඒ පාර තෝරාගනිද්දී අපි කියන්නේ, "මේ පාරෙන් එන්න, මේක තමයි හරිම එක" කියලා. නමුත් යම් යම් තැන්වල ගැටලු තියෙන්න පුළුවන්, ඕනෑම තැනක අර්බුද තියෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒවා විසඳගෙන ඉදිරියට යමු.




'අලුත් පරම්පරාවේ දේශපාලන බලවේගය' කියලා තමයි හැමතිස්සෙම නාමල් රාජපක්ෂ මහතා අපිත් එක්ක කතා කරන්නේ. එතකොට වෙන ලයින් එකකින් නැතුව, ඔය කතාබහ ඇතුළේ තමයි අලුත් පරම්පරාවේ දේශපාලන බලවේගය ගොඩනැගෙන්නේ. එතැන මේ අලුත් පරම්පරාව කියන්නේ Innovation (නවෝත්පාදනය) වෙත යොමුවුණු පිරිසක්, අලුතෙන් හිතන පිරිසක්, අලුත් පාරවල් හොයන පිරිසක්. මේ පිරිසට තමයි අනාගතයේ මේ ගතානුගතික සමාජ ක්‍රමය වෙනස් කිරීමේ හැකියාව තියෙන්නේ. ඒ හැකියාව වෙනුවෙන් තමයි අපි අනාගතය පෙළගස්වන්නේ. ඒකනේ සංවර්ධන ව්‍යාපෘති කරන්නේ. 

මෙතුවක් කාලෙකට ලංකාවේ හයිවේ ටික හදන්න කාටවත් උනන්දුවක් තිබ්බද? ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත සන්නිවේදන කුලුනක් හදන්න කාටහරි උනන්දුවක් තිබ්බද? පිටරටක මනුස්සයෙකුට ඇවිල්ලා හරි දැන් ෂෝ එකක් කරන්න පුළුවන් ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත තාක්ෂණික වේදිකාවක් අපිට තියෙනවා. ඒ දේවල් හදන්න උවමනා වුණේ ඒකයි. එතකොට මේ 'Innovation' එකත් එක්ක මේ ගමන යන්න පුළුවන් පරම්පරාවක් තමයි අපි ඉස්සරහට හදන්නේ. දැන් ඉදිරියේදී තාක්ෂණික ප්‍රවේශය ඉතාම ඉහළයි. දැන් අපේ අතේ තියෙන ඩිජිටල් තත්ත්වයත් එක්ක, AI තාක්ෂණයෙන් මේ දේවල් ගොඩක් වෙනස් වුණා.

නාමල් රාජපක්ෂ මහතාව අපි දැකලා තියෙනවා. ලංකාවේ දේශපාලනඥයෙක් විදිහට ටික්ටොක් (TikTok) එකවුන්ට් එකක් ඉස්සෙල්ලාම හදපු කෙනා තමයි නාමල් රාජපක්ෂ. අපි ඒක දැකලා තියෙනවා. ප්‍රශ්නයක් ලෙස මතුවන කාරණය: දැන් ඔබ කියන වැඩපිළිවෙළත් එක්ක, AI තාක්ෂණයත් එක්ක සම්බන්ධ වෙලා, මාර සංකීර්ණ විදිහට, තාක්ෂණික අතින් ගොඩාක්ම ඇඩ්වාන්ස් විදියට තමයි මේ කැම්පේන් යන්න වෙන්නේ. මේකට මොකක්ද තියෙන සූදානම සහ වැඩපිළිවෙළ?



පිළිතුර: AI (ඒ.අයි) තාක්ෂණය කියන්නේ ඉතාම හොඳට පාවිච්චි කළොත්, හොඳට ගොඩයන්න පුළුවන් වැඩක්. 'Nexus' (නෙක්සස්) කියලා පොතක් තියෙනවා. සන්නිවේදනයේ පරිණාමය ගැන ලියවිච්ච ඒ පොතේ පවා සඳහන් වෙන්නේ, පරවියාගේ කකුලේ ගැටගහපු තුණ්ඩුවේ ඉඳලා වර්තමානයේ AI තාක්ෂණය වෙනකම් කොහොමද මේ ගමන ආවේ කියන එක ගැනයි. ඒක මෑතකාලීනව රිලීස් වෙච්ච පොතක්. ඉතින් ඔය කාරණා දිහා බලනකොට නාමල් රාජපක්ෂ කියන්නේ තරුණයෙක් නේ. තරුණයෝ විදිහට අපි කියන දේ තේරෙන්න ඕනේ. නිකම්ම තරුණ බලමුළුවක් හදලා වැඩක් නෑ එතැන තරුණ නායකත්වයක් නැත්නම්. ඒක තේරෙන්නේ නැත්නම්, ඔය කාරණය නිසා අපි ඉස්සරහට එන දේශපාලන ගමන අප්ඩේට් (Update) වෙන්න ඕනේ.

අඩු තරමේ ChatGPT (චැට් ජීපීටී) එකේ ප්‍රොම්ප්ට් (Prompt) එකක් ගහගන්න බැරි නම්, ප්‍රොම්ප්ට් එකක් ලියලා තමන්ට දෙයක් ක්‍රියේට් (Create) කරගන්න බැරි නම්, අයිඩියා (Idea) එකක් ජෙනරේට් (Generate) කරගන්න බැරි නම්, මේ පරම්පරාවත් එක්ක දුවන්න බෑ. දැන් ඉන්න පරම්පරාව හරි ඇඩ්වාන්ස්. එයාලා දේවල් හොයන විදිය වෙනස්. Gen Z (ජෙන් සෙඩ්), ඊළඟට එන Gen Alpha (ජෙන් ඇල්ෆා), ඔය පරම්පරා දෙක අතරේ ලොකු වෙනසක් තියෙනවා. දැන් හොයාගෙන තියෙන දත්ත වලට අනුව, IQ මට්ටම Gen Z ළඟ අඩුයි කියලා කියනවා. නමුත් මම විශ්වාස කරනවා ඒ IQ මට්ටම අඩු වුණත්, 

ඔවුන් කෙටි ක්‍රම (Shortcuts) හොයාගෙන තියෙනවා කියලා. මේක ඇතුළේ කොහොමද සර්වයිව් (Survive) වෙන්නේ කියන එක එයාලා දන්නවා. ඒ විදිහට තමයි ඉස්සරහට කැම්පේන් වලට මේ තරුණයෝ එන්නේ. අලුත් තාක්ෂණයත් එක්ක ඇප්ස් (Apps) වලනේ මේගොල්ලෝ ඉන්නේ. ඩේටාබේස් (Database) එකක් එක්ක, AI එක්ක තමයි මේගොල්ලෝ එන්නේ. මේක ලොකු යුද්ධයක් වෙනවා ඉස්සරහට. හේතුව තමයි අපිට ඇත්ත බොරුව අතර දුවන්න තියෙන සීමාව හරි අඩුවෙනවා.