a-separate-qr-for-generators-agricultural-equipment-and-fishing-machines

වාහන නොවන කාණ්ඩ යටතේ ඉන්ධන ලබාගන්නා පාරිභෝගිකයින් සඳහා වන ඉන්ධන කෝටාව ලබන සතියේ සිට ඉහළ නැංවීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය තීරණය කර තිබේ.




මෙම නව වැඩපිළිවෙළ යටතේ කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කරන යන්ත්‍රෝපකරණ, ධීවර යාත්‍රා මෙන්ම විදුලි ජනක යන්ත්‍ර සඳහාද නව QR කේත ක්‍රමවේදයක් හඳුන්වා දීමට මේ වනවිටත් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අමාත්‍යාංශ උපදේශක සුමුදු රත්නායක මහතා පවසයි. පසුගිය බ්‍රහස්පතින්දා (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය.

ඒ අනුව අදාළ පාරිභෝගිකයින්ට තම QR කේතය ඉන්ධන පිරවුම්හල් වෙත ඉදිරිපත් කිරීම මගින් සිය ඉන්ධන අවශ්‍යතාවය සපුරාගැනීමට හැකිවනු ඇත. මෙම ක්‍රියාවලියට අදාළ සම්පූර්ණ මාර්ගෝපදේශය සහ නිල ක්‍රියාපටිපාටිය එළඹෙන සඳුදා දිනයේදී ජනතාවට පැහැදිලිව දැනුම් දෙන බවද උපදේශකවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.




දැනට මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුධමය හා අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුමට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළද ඉන්ධන බෙදාහැරීම විධිමත් කිරීමේ අරමුණින් මෙලෙස QR පද්ධතියක් හරහා ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් පනවා ඇත.