totally-free-cremation-in-colombo-city

කොළඹ මහ නගර සභාව විසින් තම බල ප්‍රදේශය තුළ මෘත දේහ ආදාහනය කිරීම මෙන්ම භූමදානය කිරීම සඳහා මෙතෙක් අය කරනු ලැබූ සියලු ගාස්තු සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට තීරණය කර තිබේ.




ඒ අනුව, ආදාහන කටයුතු සඳහා මෙතෙක් අය කරනු ලැබූ රුපියල් දස දහසක (10,000) ගාස්තුව මෙන්ම, ඉස්ලාම් ආගමික දේහ භූමදානය සඳහා අය කළ රුපියල් හත් දහස් පන්සීයක (7,500) ගාස්තුවද වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කර ඇති බව කොළඹ මහ නගර සභාව නිවේදනය කරයි.

මෙම තීරණය මෙවර අයවැය යෝජනා මාලාවක් හරහා ඉදිරිපත් වී තිබූ අතර, පසුගිය 10 වැනිදා පැවති මහා සභා රැස්වීමේදී කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය විසින් මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.




මෙම තීරණයත් සමඟ, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පදිංචිකරුවන්ට මින් ඉදිරියට කිසිදු ගාස්තුවකින් තොරව මෘත දේහ ආදාහනය කිරීමේ සහ භූමදානය කිරීමේ පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වනු ඇත.