the-inland-revenue-act-will-be-amended

රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවට ඉඩ ප්‍රස්තාව සලසමින් මෙරට බදු පද්ධතිය තවදුරටත් විධිමත් කිරීමේ අරමුණින්, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. යෝජිත බදු ප්‍රතිසංස්කරණ ඇතුළත් කරමින් එම පනතට සංශෝධන හඳුන්වා දීම සඳහා පසුගිය 2025 මැයි මස 19 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව ඇත.




නීති කෙටුම්පත් සම්පාදක විසින් මෙම සංශෝධිත පනත් කෙටුම්පත මේ වන විට සකස් කර ඇති අතර, ඒ සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද ලැබී තිබේ. අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් නියමිතය.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර, ඊට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.




මෙම පනත් කෙටුම්පත මගින් බදු පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීම අපේක්ෂා කෙරේ.