the-husband-went-to-the-house-of-the-illegitimate-husband-and-handed-him-over-to-the-police-after-cutting-his-wifes-throat

ගාල්ල නෙළුව ප්‍රදේශයේදී සිය බිරිඳගේ ගෙල කපා අමානුෂික ලෙස ඝාතනය කළ පුද්ගලයෙකු එම කපා දැමූ හිස ඇයගේ අනියම් සැමියා යැයි කියන පුද්ගලයාගේ නිවස ඉදිරිපිටට දමා අද අලුයම පොලිසියට භාර වී තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් ගාල්ල දිසාභාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් තොරතුරු තහවුරු කර ඇත.




මෙලෙස ඛේදනීය ඉරණමකට මුහුණ දී ඇත්තේ නෙළුව, සියඹලාගහහේන, හප්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු මවක් වන තිස් දෙහැවිරිදි කාන්තාවකි.

පොලිස් විමර්ශනවලට අනුව මෙම බිහිසුණු අපරාධය සඳහා පවුල් ආරවුලක් මූලික වී තිබේ. මියගිය කාන්තාව සිය නිවස ආසන්නයේම පදිංචිව සිටින පුද්ගලයෙකු සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර,ආසන්න දිනයකදී එය අතටම හසුවීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සැමියා සහ බිරිඳ අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු කර ඇත.

සැමියා රැකියාවට දුර බැහැර පිටත්ව යන වේලාව බලා දරුවන් නිවසින් පිටත්කරන බිරිය අනියම් පුරුෂයා නිවසට ගෙන්නාගෙන තිබී ඇත. මෙම සංසිද්ධිය කාලයක් තිස්සේ සිදුකරන අතරතුර අනියම් පුරුෂයාගේ පාර්ශ්වයෙන් මේ ගැන ඝාතක සැමියාට හෝඩුවාවන් ලබාදී ඇත.ඒ අනුව දුර බැහැර රැකියාවට වෙනදා මෙන් පිටත්ව යන අයුරක් පෙන්වා ඇති සැමියා හොරය අල්ලාගන්නට අසල්වාසීන් ලබාදුන් ඔත්තු අනුව වේලාව බලා නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේ බිරිය සමග අසල්වැසි පුරුෂයා යහන්ගතව සිටිනු අතටම හසුකරගෙන ඇත.
 වහාම සරමත් අමතක කර ‍රෙදි කැබැල්ලක් දවටාගෙන අසල්වැසි පුරුෂයා නිවසේ පස්සා දොරින් පළාගොස් ඇති අතර බිරිය හා සැමියා අතර ආරවුල හටගෙන ඇත්තේ ඉන් පසුවයි.

 එහිදී කෝපයට පත් සැමියා විසින් තේ ගස් කැපීම සඳහා භාවිත කරන තියුණු පිහියකින් බිරිඳගේ ගෙල කපා වෙන් කර තිබේ.




අනතුරුව, අපරාධය සිදු කළ ස්ථානයේ සිට මීටර් දෙසීයක් පමණ දුරින් පිහිටි අදාළ අනියම් සැමියාගේ නිවස වෙත එම කපා දැමූ හිස රැගෙන ගොස් මිදුලට දමා සැකකරු 'උඹම මේක තියාගනිං' යයි කෑගසා පවසා ඇති අතර අනතුරුව නෙළුව පොලිස් ස්ථානය වෙත ගොස් භාර වී ඇත. මෙලෙස භාර වී ඇති සැකකාර සැමියා අතීතයේ යුද හමුදා සේවයේ නිරතව සිට ඉන් ඉවත් වූ අයෙකු බවට පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරගෙන තිබේ.